අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවිධ රෝගී පුද්ගලයින් සඳහා ප්‍රතිකාර ගැනීම හා ගෘහාශ්‍රිත අනතුරු වළක්වාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙලක්

    මාර්තු 26, 2020

    මෙම කාලය තුළ විවිධ රෝගී පුද්ගලයින් සඳහා ප්‍රතිකාර ගැනීම හා ගෘහාශ්‍රිත අනතුරු වළක්වාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා පළ කිරීමට පියවර ගන්නවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ඇඳිරිනීතිය පනවා ඇති මෙම කාලය තුළ විවිධ රෝගී පුද්ගලයින් සඳහා ප්‍රතිකාර ගැනීම හා ගෘහාශ්‍රිත අනතුරු වළක්වාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා වෙබ් අඩවි වල සහ ජනතාවගේ ඇස ගැටෙන ස්ථාන වල පළ කිරීමට නුදුරේ දී ම පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා (25) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය.


    එහි දී බෝ නොවන රෝග ඇති රෝගීන්, මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට මෙන්ම, නිවෙස් තුළ අනතුරු වළක්වා ගැනීමට ද මෙසේ පත්‍රිකා පළ කිරීම මඟින් උපදෙස් ලබා දීමට කටයුතු කරනු ලබන බවත්, මෙම කාලය තුළ වෙනත් රෝගීන් එම රෝගීන් තුළ පවතින රෝග තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීම උදෙසා ජනතාව දැනුවත් කිරීමට මූලික හේතුව වන බව ද අනිල් ජාසිංහ මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.


    එමෙන්ම, තවදුරටත් සමාජ සහ පුද්ගල දුරස්ථභාවය ඇතිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව පවසා සිටි ඒ මහතා අද වන විට තෝරාගත් රෝහල් වල COVID – 19 ලෙස සැක කරන රෝගීන් 255 ක් සිටින බවත්, නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පෙර සිටම ගුවන් තොටුපල මඟින් පැමිණි පුද්ගලයින්ව දින 14 ක පසුවිපරම් කරනු ලබන බවත්, 1,600 ට පමණ පිරිසකට දින 14 සම්පුර්ණ කර නොමැති බැවින් එසේ පසු විපරම් කිරීම මේ අවස්ථාව වන විටත් සිදු කරනු ලබන බවත් කියා සිටියේය.


    අවදානම් දිස්ත්‍රික්ක අතුරින් කළුතර දිස්ත්‍රික්කයේ රෝගීන් 13 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් සැළකිය යුතු පිරිස සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අයවළුන් සහ වෙනත් රටවලින් පැමිණි උදවිය බවත්, එම දිස්ත්‍රිකක්යේ 900 ට අසන්න විදේශිකයින් පිරිසක් හෝටල් වල දැනටමත් සිටින බවත්, වඩා සුදුසු වන්නේ ඔවුන්ගේ ස්ථාන වෙනස් කිරීමට වඩා ඔවුන් දැනට සිටිනා ස්ථානයේම රඳවා ගැනීම බවත් අනිල් ජාසිංහ මහතා මෙහි දී විශේෂයෙන් කියා සිටියේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya