මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරොනා ආසාදිත යැයි සැක කෙරෙන රෝගීන්ට මාතර නව වට්ටුවක් විවෘත කෙරේ

    මාර්තු 25, 2020

    කොවිඩ් - 19 හෙවත් නව කොරොනා වෛරසය ආසාධනය වි ඇතැයි සැක කෙරෙන රෝගීන් මාතර දිස්ත්‍රිකකයෙන් වාර්තා වුවහොත් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මාතර - කොටවිල ප්‍රදේශයේ ඉදිකර ඇති නව දිස්ත්‍රික් මහ රෝහලේ නව වාට්ටු සංකීරණය විවෘත කිරීම (24) දින සිදු කරන ලදි.

    මෙම වාට්ටුව තුළ එක වර රෝගීන් 45 දෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබේ. මාතර මහා රෝහල වෙත පැමිණි නව කොරෝනා වෛරසය අසාධනය වි ඇතැයි සැක කළ රෝගීන් කරාපිටිය මහා රෝහල වෙත මාරු කර යැවීම මෙතෙක් සිදු කළ ක්‍රමවේදයයි.

    කොරොනා වෛරසය ආසාධනය වි ඇති බවට සැක කෙරෙන රෝගීන් මෙම වට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු මුලික ප්‍රතිකාර කටයුතු සිදු කෙරේ. ඊට අදාළ වෛද්‍ය පරික්ෂණ කටයුතු ගාල්ල කරාපිටිය මහා රෝහලේ දී සිදු කර කෙරෝනා වෛරසය ආසාධනය වි ඇතැයි තහවුරු කෙරෙන රෝගීන් කොළඹ - අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යැවිම සිදු කිරීමට නියමිත බව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න මහතා මෙහි දී පැවසී ය.


    මේ අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සහභාගි වී සිටියහ.

    DMU/Matara

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya