අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යාවශ්‍ය කරුණක් හැර නිවසෙන් බැහැරට ගියොත් වරෙන්තු නොමැතිව අත් අඩංගුවට - ඇදිරි නීතිය කඩ කළ 2682ක් අත් අඩංගුවට

    මාර්තු 25, 2020

    අත්‍යාවශ්‍ය සේවා හෝ අවශ්‍යතා හැර නිවසෙන් බැහැරව නොයන ලෙසත් එසේ නිවසෙන් බැහැරව ගිය හොත් වරෙන්තුවක් නොමැතිව වුවද අත් අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

     

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා අද (25) මේ බව පැවසීය.

    ගෙවුණු පැය 24 තුළ පනවා ඇති ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 420ක් අත් අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වූ බවත් වාහන 97ක් පොලීසිය භාරයට ගැනීමට සිදු වූ බවත් සේනාරත්න මහතා සඳහන් කළේ ය.

    මේ වනවිට ඇදිරි නීතිය කඩකළ සමස්ත පුද්ගලයන් සංඛ්‍යව 2682ක් බවත් වාහන 706ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත් සුළු පිරිසක් මෙලෙස කටයුතු කිරීමෙන් රටේ සෞඛ්‍ය අවධානමක් ඇති කරන බවත් සේනාරත්න මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya