අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන මධ්‍යස්ථාන ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතයි - විශේෂඥ වෛද්‍ය පබා පළිහවඬන

    මාර්තු 25, 2020

    පසුගිය දින කිහිපය තුළ නිරෝධායන මධ්‍යස්ථාන තුළ තමන් නිරීක්ෂණය කළ බවත්, කන්දකාඩු, පුනානි සහ ගල්කන්ද යන එම නිරෝධායන මධ්‍යස්ථාන ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සිදු කරනු ලබන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී  (24) ප්‍රකාශ කළාය.

     

    එම නිරෝධායන මධ්‍යස්ථාන වල සිටී පුද්ගලයින් දින 14 ක නිරෝධායනයෙන් අනතුරුව නිවෙස් වෙත මුදා හැරීම සිදු කරනු ලැබූ බවත්, ඉදිරියේ දී ද විශාල පිරිසක් මෙම සතිය අවසානයේ දී නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිවෙස්කරා මුදවා හරිනු ලබන බවත් ඇය පැවසුවාය.

    එමෙන්ම එම නිරෝධායන මධ්‍යස්ථාන වලින් 1,000 ත් 1,500 අතර පිරිසක් එම නිරෝධායන ක්‍රියාවලියෙන් නිවෙස් කරා යනු ලබන අතර, ඔවුන් නිවෙස් කරා යාමට ප්‍රථම ඔවුන්ගෙන් හඳුනාගත් කණ්ඩායම් වශයෙන් මුදා හැරීමට කටයුතු කරනු ලබන බවත්, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසා සිටියාය.

    එම නිරෝධායන ක්‍රියාවලිය සඳහා වෛද්‍යවරුන් හ අනිකුත් සෙසු කාර්යය මණ්ඩලය මෙන්ම යුධ හමුදාව යුහුසුළුව කටයුතු කළ බවත්, එකී නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලක් වූවන් බොහෝ සතුටට පත් වූ බව ද මෙහි දී ප්‍රකාශ කළ අතර මෙම ක්‍රියාවලිය සදහා ඔවුන්ගේ දායකත්වය ඉදිරියට ද ලබා දීමට ඔවුන් කටයුතු කරනු ලබන බවට එම පුද්ගලයින් තමන් හා පැවසූ බවත් මෙහි දී සඳහන් කරන ලදී.

    ඇතැම් පුද්ගලයින් විසින් නිරෝධායනයට ප්‍රථම කරන ලද වැරදි සම්බන්ධයෙන් ඔවුන් පසු තැවීමකට ලක් වන බව ද ඔවුන් මෙහි සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන තමන් කළ වැරදි පිළිගත් බව ද මෙහි දී  ප්‍රකාශ කර සිටියාය.

    එමෙන්ම, මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් තවමත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම හජනතාවට නිවේදනය කර නොමැති බවත්, මිනිසුන් ඒවා පැළඳිය යුතු සෞඛ්‍යමය කරුණු සහ නිවැරදි ව මුඛ ආවරණ පළඳින ආකාරය පිළිබඳව හරි හැටි නොදැන පැළඳීම මඟින් සෞඛ්‍යමය ගැටළු මතුවිය හැකි බවත් මෙහි දී අවධාරණය කර සිටි අතර එසේ මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් තවමත් නැතැයි ද විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය අවධාරණය කර සිටියාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya