අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19- පවතින තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිදු කළ ප්‍රකාශය

    මාර්තු 25, 2020

    නිරෝධායන ඇඳිරිනීතිය මේ වන විටත් ක්‍රියාත්මක වෙන අතර මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීමට අදාළව එය ආරම්භක දිනයේ සිට 3,500 ක පිරිසක් අත්අඩංගුවට ගෙනතිබෙන බවත්, මින් වැඩි ප්‍රමාණයක් ඇඳිරිනීතිය කඩකරන්නන් වන අතර අනිකුත් පිරිස ඇඳිරිනීතිය පවතින කාලය තුළ විවිධාකාරයෙන් දුෂිත ක්‍රියා සිදු කරනු ලැබූ පුද්ගලයින් බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිව්දනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

     

    මෙම නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇති අතර, ඊට හේතුව වන්නේ විශේෂයෙන්ම මෙම ව්‍යසනය ජයගැනීමට නම් අනිත් පුද්ගලයින්ගෙන් වෙන් වී සිටීම අතවශ්‍ය කාරණයක් හෙයින් බව සෞඛ්‍ය අංශ හා සෞඛ්‍ය බළධාරින් මෙන්ම ඒ සම්බන්ධව පරීක්ෂණ පැවැත් වූ විද්වතුන් අවධාරණය කර ඇති හෙයින් බව ද නියෝජ්‍ය පොලිස්පති වරයා කියා සිටී.

     

    එබැවින්, කිසිඳු හේතුවකටවත්වත් නිවසින් පිටතට පැමිණීම සිදු නොකරන ලෙසත් මෙහි දී ජනතාවට දැඩිව අවධාරණය කර සිටින අතර අසල් වැසියන් සමඟ විවිධ ආකාරයෙන් කටයුතු කිරීමට හෝ ක්‍රීඩා කිරීමට හෝ සාද පැවැත්වීමට නොයන ලෙසත්, ඇඳිරි නීතිය පවතින කාලය තුළ යම් කෙනකු එම පවත්නා නිතිය කඩකරන්නේ නම් එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත්, වාහන පොලීසිය භාරයට ගැනීමට කටයුතු කරන බවටත් එමඟින් අවධාරණය කර සිටී.

     

    යම් ස්ථානයක රැස්වීම්, සමිති සමාගම් සාද පැවැත් වීම් පවත්වන්නේ නම් එකී නිශ්චල දේපොළ සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පසුබට නොවන බවටත්, එම නිශ්චල දේපොළ මුද්‍රා තැබීමට ද කටයුතු කරන බවටත් මෙහි දී ප්‍රකාශ කර සිටී. ඒ නිසා මෙම නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් කටයූතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

     

    ඇඳීරිනීතිය යම් අවස්ථාවක දී ලිහිල් වන්නේ මහජනයාට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට පමණක් බවත්, කිසිඳු අවස්ථාවක නිවසේ සිට වෙළඳ සලකට යනවා හැරෙන්නට වෙනත් ගමන් බිමන් යාමෙන් වළකින ලෙසත්, සැමවිටම මීටරයක දුර පවත්වාගැනීමට කටයුතු කරන ලෙසත් ප්‍රවාහන සේවා භාවිතයේ දී ත් මෙම තත්ත්වය ඒ ආකාරයටම පිළිපදින ලෙසත් මහජනතාවට දැනුම් දී සිටී.

     

    මෙම කාලය තුළ රටේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය, ජනාධිපති විසින් නියෝග කර ඇති පරිදි පොලිස්පති තුමා විසින් විශේෂ වැඩපිළිවෙලක් සහන ලබා දීම සදහා දියත් කර ඇති බවත්, සත්ත්ව හා මත්ස්‍ය ප්‍රවාහනය සදහාත් ඇදිරිනීති බලපත්‍ර අවශ්‍ය වන්නේ නැති බවත්, ඒවා ගබඩා කරන බෙදා හරින ස්ථාන වෙත ගමන් කිරිමාට් හ එම සේවකයින්ට අවස්ථාව ලැබෙන බවත් ඔවුන් යම් ලියවිල්ලක් මඟින් පොලිසියට ඉදිරිපත් කළ යුතු බවත් ඔවුන්ට බලපත්‍ර අවශ්‍ය නොවන බවත්, කෘෂි සහ සුළු අපනයන භෝග නිෂ්පාදනය හා ප්‍රවාහනයට අදාළ කටයුතු සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන බවත්, සහල් එළවලු සහ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආර්ථික මධ්‍යස්ථාන වෙත මැනින් වෙළඳපොල වෙත පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොල වෙත රැගෙන ඒමේ දී හා ආපසු පිටව යෑමේ දී බලපත්‍ර අවශ්‍ය නොවන බවත් මෙහි දී ප්‍රකාශ කර සිටී. එවැනි අවස්ථා වල තොග වශයෙන් පැමිණෙන වෙළඳුන්ට හා ඒවා අනිකුත් බෙදා හරින්නන් වෙත ලබා දීම සදහා පහසුකම් හා පොලිස් ආරක්ෂාව ලබා දෙන බවත් මෙහි දී ප්‍රකාශ කර සිටී.

     

    විශේෂයෙන් තේ දළු හා සුළු අපනයන භෝග නිෂ්පාදනය බෙදා හැරීමේ කටයුතු සදහා ද ඒවා වගා කිරීම, අස්වනු නෙලීම, බෙදා හැරීම වැනි කටයුතු සඳහා ඇදිරිනීතිය බලපාන්නේ නැති බවත් එහෙත්, නිරෝධායන රීති වලට ගරු කරමින් කණ්ඩායම් වලට වෙන් නොවී හැකි තරම් හුදෙකලාව එම අස්වනු නෙලීම, රැගෙන යාම වැනි කටයුතු කළ කිරීම අත්‍යවශ්‍ය වන බවත් මෙහි දී අවධාරණය කර සිටී. මෙම ද්‍රව්‍ය රැගෙන යෑමේ දී ද ඒ ආකාරයෙන්ම කටයුතු කළ යුතු බව ද සඳහන් කෙරේ.

    සහල් නිෂ්පාදන ක්‍රියාවලියේ දී ද අදාළ දුරස්ථභාවය තබා ගෙන කටයුතු කරන ලෙසත්, සහල් හා වී ප්‍රවාහනය සඳහා ද බලපත්‍ර අවශ්‍ය නොවන බවත් එහෙත්, එකී කාර්යයේ නිරත වන බවට සනාථ කළ හැකි ලියවිල්ලක් ඔවුන් සතුව තිබිය යුතු බවත් ඔවුන් විසින් ද සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවත් මෙහි දී දන්වා සිටී. එමෙන්ම වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර හෝ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය සහ නැවත අදාළ ස්ථාන වෙත පැමිණීමේ දී බලපත්‍ර අවශ්‍ය නොවන බවත් මෙමඟින් දන්වා සිටී.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya