අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇදිරි නීතිය පවතින කාලය තුළ ෆාමසි විවෘත කර තැබීමට පියවර ගැනේ

    මාර්තු 24, 2020

    රට තුළ කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂවර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත.

    මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත.

    ඒ අනුව සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය හා ඖෂධ වට්ටොරුව ඇදිරිනීති අවසර පතක් ලෙස සළකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දන්වා ඇත.

    එමෙන්ම ඖෂධ සැල්වල සේවය කරන සේවකයින්ට සහ ඖෂධ ප්‍රවාහනය කරන වාහන සදහා අවසරය ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya