මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන මධ්‍යස්ථාන 45ක 3548ක් නිරෝධායනයට

    මාර්තු 24, 2020

    නිරෝධායන මධ්‍යස්ථාන 45ක 3548ක ජනතාවක් නිරෝධායනය වන බවත් 350කට ආසන්න කණ්ඩායමක් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව අද (24) දිනයේදී නිරෝධායන මධ්‍යස්ථාන වලින් ඔවුන් මුදවා හරින හැරීමට කටයුතු කරන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ (23) කොවිඩ් 19 පැතිරීම වැළැක් වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දුන් උපදෙස් වලට අනුකූලව ඔවුන් මුදවා හැරිමට කටයුතු කෙරේ

     

    නිරෝධායන මධ්‍යස්ථාන 45ක 3548ක ජනතාවක් නිරෝධායනය වන බවත් එයින් අසාධිත බවට වාර්තා වූයේ රෝගින් 31 දෙනෙකු පමණක් බවද සඳහන් කළ යුධහමුදාපතිවරයා ඒ අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථාන වල කටයුතු සාර්ථක අන්දමින් සිදුවන බවද පැවසීය.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ යුධහමුදාපතිවරයා පැවසුවේ පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එහෙත් හඳුනානොගත් සුළු පිරිසක් සිටින බැවන් යාපනයේ දිස්ත්‍රික් ජනයාද ස්වයං නිරෝධායනයට ලක් වෙමින් ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya