අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය හෙඳ ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශේෂිත ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සෞඛ්‍ය සේවා සපයයි

    මාර්තු 24, 2020

    කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය, රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයිනේ සියලු රෝහල්වල සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වේ.

     

    කාසල්විදිය කාන්තා රෝහලේ ගර්භනී මාතාවන් සදහා සිදු කරන සෞඛ්‍ය සේවාවන් සහ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

    කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් දෛනිකව කොවිඩ් 19 වෛරසය පිළිබදව සිදු කරන පරීක්ෂණ සාමාන්‍ය පරිදි සිදු කරන අතර, අනුරාධපුර මහ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ද මෙම පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කරනු ලබයි.

    වෛද්‍ය, හෙඳ ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි අත්‍යාවශ්‍ය සහ සමාන්‍ය සෞඛ්‍ය සේවා කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී සියලු රෝහල්වල නේවාසික රෝගී ප්‍රතිකාර සේවාවන් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. කොරොනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා විශේෂිත ආරක්ෂිත ක්‍රමවේද රෝහල් තුළ ක්‍රියාවට නංවා ඇත. සියලු රෝහල් කාර්ය මණ්ඩල ද කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරනු ලබයි.

    විශේෂයෙන්ම කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කරන පිරිස් රෝහල්වෙත පිවිසිමේ දී ඔවුන් ඇතුළත් කිරිම සදහා විශේෂිත ආරක්ෂිත ප්‍රවේශ හා ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර ඇති අතර, ඔවුන් සදහා විශේෂිත වැසිකිළි පහසුකම් දී සළසා ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya