අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ්-19 ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකික රෝගියා සම්පූර්ණ සුවය ලබා පිටත් වෙයි

    මාර්තු 23, 2020

    කොවිඩ් 19 ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකික රෝගියා සම්පූර්ණ සුවය ලබා ප්‍රතිකාර ලබමින් සිටි අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    අද (23) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය.

    ඉතාලි ජාතිකයන් සඳහා සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස කටයුතු කළ මෙම තැනැත්තා, කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් අනතුරුව මුල්ලේරියාවේ අයි ඩී.එච් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කළේ ය.

    ඒ අනුව සෞඛ්‍ය අංශවල මනා කැපවීමත් දක්ෂතාවයක් හේතුවෙන් මෙම තැනැත්තා සම්පූර්ණයෙන් ම සුවය ලබා අද සිය නිවස බලා පිටත්ව ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya