අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පවත්වන දේව මංගල්‍ය මාර්තු මස 07- ඉන්දියානු බැතිමතුන් 3000 ක්

    පෙබරවාරි 27, 2020

    කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පවත්වන දේව මංගල්‍ය මාර්තු මස 07 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙවර දේව මෙහෙය සඳහා දේශීය බැතිමතුන් 7000 ක් පමණ සහ ඉන්දියානු බැතිමතුන් 3000 ක් පමණ පැමිණෙතැයි අපේක්ෂා කරන බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍යහමුවකට එක්වෙමිණි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ , ශ්‍රී ලංකා නාවික හමුදාව කච්චතිව් මංගල්‍යය සඳහා අවශ්‍ය විදුලිබලය, සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජලය, ඇතුළු යටිතල පහසුකම් සැපයීම සඳහා කටයුතු කරන බවයි.එමෙන්ම උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව කටයුතුකරමින් දේශීය බැතිමතුන් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද නාවික හමුදාව විසින් සපයන බවද ඒ මහතා පැවසීය.

     

    තවද රථ වාහන හැසිරවීම සඳහා හමුදා සෙබළුන් යෙදවීමේ ක්‍රමවේදයට සමගාමීව කොළඹ නගර සීමාව තුල ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසිය වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන බව පැවසූ ඒ මහතා නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ නාවිකයින් මෝදර පොලිසිය සමග එක්ව රථ වාහන පාලන රාජකාරි කටයුතු වල යෙදවීමට කටයුතු කර ඇතැයි ද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya