මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිසි කළමණාකරණයක් නොමැතිව පාඩු ලබන ආයතන බවට පත්ව තිබූ පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්තශාලා ලාභ ලබන තත්ත්වයට පත් වෙලා

    පෙබරවාරි 27, 2020

    නිසි කළමණාකරණයක් නොමැතිව පාඩු ලබන ආයතන බවට පත්ව තිබූ පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්තශාලා අද වන විට ලාබ ලබන ආයතන බවට පත්ව ඇතැයි අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

     

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) අපනයන කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ මෙම ආයතනයන්හි උක්ගොවීන් දස දහසක් පමණ සේවය කරන බවත් ඒ අතුරින් වසර 05ට වඩා වැඩි කලක් සේවය කළ උක් ගොවීන් සියළුදෙනාගේ සේවය ස්ථිර කිරීමට පියවර ගන්නා බවයි.

    එළඹෙන මාර්තු මාසයේ සෙවනගල කර්මාන්තශාලාවේ සේවකයෙකුට රු 75,000.00 සහ පැලවත්ත කර්මාන්තශාලාවේ සේවකයෙකුට රු 25,000.00ක පාරිතෝෂික දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව පැවසූ වක්කුඹුර අමාත්‍යවරයා ආයතනය ලාභ ලැබුවොත් එහි වාසිය ඒ සඳහා වෙහෙස මහන්සි වූ ජනතාවටද ලබා දිය යුතුයි යන ජනාධිපතිවරයාගේ දැක්ම අනුව යමින් මෙම තීරණය ගත් බවද පැවසීය.

    පසුගිය යහපාලන රජය සමයේ මිලියන 1500ක් පමණ පාඩු ලබන ආයතනයක් ලෙස මෙම ආයතනය හඳුන්වා තිබූ බවත්, පෙන්වා දුන් අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතනයක් කළ බවද කීය.

    සේවකයන්ගේ දීමනා සහ අනෙකුත් පහසුකම් දියුණු කර නිෂ්පාදන ධාරිතාව ඉහළ දමා සීනි නිෂ්පාදනය 20%කින් ඉහළ දැමීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා පසුගිය ආණ්ඩුව රජයට පාඩු කරමින් තම හිතවතුන්ට එතනෝල් විකුණු බවද සීනි නිෂ්පාදනය අඩු කරමින් එතනෝල් නිෂ්පාදනය ඉහළ දැමීමට කටයුත කළ බවද පැවසීය.

     එළඹෙන මාර්තු මාසයේදී කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අදාළ නඩු තීන්දුව ලබා දෙන බවත් එම නඩු තීන්දුව කුමක් වුවද එම සීනි කර්මාන්තශාලාවේ වැඩකටයුතු ආරම්භ කර ලංකාවේ සීනි නිෂ්පාදනය වැඩි කර ගැනීමට සැළසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට එක් වූ ලංකා සීනි කර්මාන්තශාලාවේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා පැවසුවේ ගොවි පවුල් ලක්ෂයක් පමණ මේ හරහා සිය ජීවිකාව කරගෙන යන බවත් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya