අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය මාර්ග පද්ධතියට ආසන්නයේ දුම්රිය රක්ෂිතවල පදිංචිව සිටින පදිංචිකරුවන්ට නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙළවලක්

    පෙබරවාරි 27, 2020

    දුම්රිය මාර්ග පද්ධතියට ආසන්නයේ සිටින හා දුම්රිය රක්ෂිතවල පදිංචිව සිටින පදිංචිකරුවන්ට නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙළවලක් ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බව ප්‍රවාහන කළමණාකරණ ඇමති මහින්ද අමරවීර මහතා අද (27) පැවසීය.

     

    ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කැලණිවැලි නව දුම්රිය මාර්ගය ඉඳිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමේ දී නිවාස අහිමි වු පවුල් 70ක් සඳහා නව නිවාස ලබා දීමේ උත්සවයක් අමතමිනි.

    වැඩීදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවේ,මේ වන විටත් දුම්රිය දෙපාර්තමෙන්තුව මැදහත් වී තවත් නිවාස 120 ඉදිකිරිම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනිමට ලියකියවිලි සකසමින් පවතින බවය.

     විශේෂයෙන් ම මෙම දුම්රිය රක්ෂිතයන් අවට ඇති බොහෝ නිවාස අනවසර පදිංචිකරුවන්ගේ වන අතර එහි බොහෝ දෙනාට ඉඩම් ඔප්පු නොමැති බවත්, නිසි අයිතියක් පවා නොමැති බවත්ය.එසේ වු විට බොහෝ රජයන් කරන්නේ නඩු දමා එම නිවාස වලින් ඉවත් කිරීමයි. එහෙත් වත්මන් ජනාධිපතිවරයා එසේ නොකොට,එය රජයේ වගකීමක් ලෙසින් සළකා වන්දියක් පමණක් ලබා දී ඉවත් නොකර නිවසක් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය

    මරාදානේ සිට පාදුක්ක දක්වා කොටසෙ හි දුම්රිය අනාරක්ෂිතය තුළ අනවසර නිවාස 1600ක් පමණ තිබෙන අතර මෙම ව්‍යාපාතිය යටතේ, නැවත පදිංචි සඳහා අවශ්‍ය නිවාස 1244 ක් නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නාගරික පූනර්ජිවන ව්‍යාපෘතිය මඟින් ලබා ගැනීම සඳහා දැනටමත් ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය ගිවිසුම් ගත වී ඇති අතර එහි පළමු නිවාස 384කින් යුත් මහල් නිවාස සංකිර්ණය මාලිගාවත්ත ලක්හිරු සෙවන නිවාස ව්‍යාපෘතිය ලෙසින් ඉදිවී පවතී.මෙහි මුල්‍ය දායකත්වය ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දුම්රිය දියුණු කිරීම සඳහා විශාල ව්‍යාපාති රැසක් ආරම්භ කර ඇති බවත්,එහි එක් ව්‍යාපෘතියක් ලෙස මහනුවර දි ඊයේ (26) ආරම්භ වු විදුලි දුම්රිය ව්‍යාපෘතිය,කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම හැදින්විය හැකියි.

    දෙපාර්තමේන්තුවට එල්ලවන ප්‍රධාන චෝදනාවක් තමයි, වෙලාවට දුම්රිය ධාවනය නොවන එක. එසේ විමට හේතු රැසක් බලපාන බව ඇමතිවරයා කීය.කොපමණ පාලම් පාරවල් සෑදුවත් මාර්ග තදබදය අඩු කළ නොහැකි බවත් ඒ සඳහා ශක්තිමත් ප්‍රවාහන සේවයක් තිබිය යුතු බවත්,ඒ යටතේ දුම්රිය සේවය ද තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya