අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා අවස්ථා 100,000ක් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ සියලු ප්‍රදේශිය ලේකම් කාර්යාවල දී සම්මුඛ පරික්ෂණ ඇරඹේ- රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    පෙබරවාරි 26, 2020

     

    පසුගිය ජනාධිපතිවරණයේ දී ලබා දුන් පොරොන්දු ඉටු කරමින් මාර්තු මාසයේ 01 දා සිට වතු කම්කරුවන්ට රුපියල් 1000ක වැටුප ලබා දීමටත්,දිළිඳු පවුල් 100,000ක් සඳහා රැකියා අවස්ථාවන් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ හෙට සිට (27) ලංකාවේ සියලු ප්‍රදේශිය ලේකම් කාර්යාවල දී සම්මුඛ පරික්ෂණ ආරම්භ වන බවත්,ඉල්ලුම්පත් යොමුකළ සියලු ම අයදුම්කරුවන් සම්මුඛ සාකච්ඡාවන් සඳහා කැඳවන බවත් විදුලිබල රාජ්‍ය මහින්දානන්ද අලුතගමගේ මහතා අද (26) විදුලිබල අමාත්‍යාංශයේ දි පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා, ඉල්ලුම් කළ ද සම්මුඛ පරික්ෂණයන් සඳහා කැඳවා නොමැති නම් එය ළඟම ප්‍රදේශය ලෙකම් කාර්යාලයට දැනුම් දෙන ලෙස කීය.මේ සඳහා ඉල්ලුම්පත් ලක්ෂ 04කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබේ. එසේම මෙම සියලු සම්මුඛ පරික්ෂණ පවත්වා, මාර්තු 15 දාට පෙර රැකියා ලබා දීම ද සිදු කරන බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

    මිට අමතරව,උපධිධාරන් 53,000ක් බඳවා ගැනිමේ සම්මුඛ පරික්ෂණ ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බව ද ඇමතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya