අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි

    පෙබරවාරි 26, 2020

    ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 43 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජිනීවා නුවර බලා පිටත්ව ගිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ජිනීවා  මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතය.

    මානව හිමිකම් කවුන්සිලයේ (HRC) ඇමතිවරයා විසින් පෙබරවාරි 26 වන සිකුරාදා ඇමතීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණය  පිළිබඳව අදහස් දැක්වීම සිදු කෙරෙනු ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියයි.

    ඇමතිවරයා පෙබරවාරි 28 වන සිකුරාදා මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ( High Commissioner for Human Rights Michelle Bachelet ) හමුවනු ඇත. පෙබරවාරි 27 වනදා  අමාත්‍ය ගුණවර්ධන මහතා ඉදිරිපත් කෙරෙන ගැටළුවලට ප්‍රතිචාර දැක්වීමට නියමිතය.


    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, විදේශ ලේකම් රාවිනාථ ආර්යසිංහ, ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ, එක්සත්  සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, විදේශ සබඳතා අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.කේ. ලේනගල, ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ  කණිෂ්ක බාලපටබැදි, බ්‍රිගේඩියර් ඊ.එස්.ජයසුන්දර , ආරක්ෂක අමාත්‍යාංශයේ සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සුභාෂ් ශ්‍රී විජේතුංග, යන මහත්වරුන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට  එක්ව සිටියි

     ජිනීවාහි රැඳී සිටින කාලය තුළ අමාත්‍ය ගුණවර්ධන මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNOG) අධ්‍යක්ෂ ජනරාල්, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), සංක්‍රමිණිකයන් සඳහා  වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (IPU) හමුවීමට නියමිතය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya