අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සීඅයිඩී විමර්ශනය කඩිනම් කිරීම සඳහා කාර්යසාධක බලකායක්

    පෙබරවාරි 26, 2020

    250 කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් කළ පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශණ කොට්ඨාශය (සීඅයිඩී) විසින් කරගෙන යනු ලබන විමර්ශන වල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.

    සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායට විවිධ බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වන අතර ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් එහි ප්‍රධානත්වය උසුලයි. ඒ සම්බන්ධව වාර්ථාවක් සතියකට වරක් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ඉදිරිපත් කළ යුතු වේ.

    මෙම විශේෂ කාර්ය සාධක බලකායට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂ, යුධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, ප්‍රථිත්‍රස්ත හා විමර්ශණ අංශයේ අධ්‍යක්‍ෂ සහ පොලිසි නීති අධ්‍යක්‍ෂ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම කාර්ය සාධක බලකායට ඇතුළත්වේ.

    MOD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya