මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    21 වැනි සියවසෙන් ඔබ්බට,දැනුම සංසරණය වන විශිෂ්ටතම මාර්ගය අන්තර්ජාල තාක්ෂණයයි

    පෙබරවාරි 26, 2020

    21 වැනි සියවසෙන් ඔබ්බට, දැනුම සංසරණය වන විශිෂ්ටත ම මාර්ගය අන්තර්ජාල තාක්ෂණය බවත්, ජාත්‍යන්තර ප්‍රජාවට බුදුදහම ආකර්ෂණය කරගැනීම සඳහා එම තාක්ෂණික දැනුම මෙරට භික්ෂු සමාජයට අත්පත් කරගැනීමට අවස්ථා සම්පාදනය කරදිය යුතු බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ,   (25) පෙරවරුවේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පිරිවෙන් විද්‍යායතන 59 ක් සඳහා සෞන්දර්ය උපකරණ කට්ටල බෙදාදීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

    මෙරට පිරිවෙන්වල පැවැත්ම වෙනුවෙන් සහ පිරිවෙන් අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරයා ව සිටි අවදියේ දී යෝජනා රැසක් ක්‍රියාවට නංවා ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ඉදිරිපත් කර ඇති සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද පිටු අංක 20 සිට 27 දක්වා පරිච්ඡේද අතර පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම සම්බන්ධ ව විශේෂ සටහනක් තබා ඇති බව ද සඳහන් කළේය.

    පිරිවෙන් පිළිබඳ රජයක් පවත්නා වගකීම මෙන් ම පිරිවෙන් පිළිබඳ ස්වාමීන්වහන්සේලා සතු වගකීම පිළිබඳව ද සිහිපත් කළ අමාත්‍යවරයා, අතීත වැරදිවලට ඇඟිලි දිගුකරනු වෙනුවට සිදු කළ යුත්තේ වර්තමානය නිවැරදි කිරීම බවත්, රටේ නායකත්වයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨතම ආදර්ශය බවත්, ඒ අනුව මෙරට පිරිවෙන් නමැති ආනුභාවසම්පන්න ආයතන ඒවායේ ගුණාත්මක වටිනාකමට හානි නොවන අයුරින් රැකගැනීම වෙනුවෙන් ඒ අනුව, රජයේ පූර්ණ මැදිහත්වීම ලබාදීමට සූදානම් බව ද පැවසී ය.

    මෙරට 76,000කට ආසන්න ගිහි සහ පැවිදි සිසුන්, 7,000 කට ආසන්න පිරිවෙන් ගුරුවරුන්, පිරිවෙන් අධ්‍යයනායතන 825කට ආසන්න සංඛ්‍යාවක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ නිරත ව සිටින බවත්, මෙය විශාල පද්ධතියක් බවත්, මෙම ආනුභාවසම්පන්න ආයතනයන්හි ඉදිරි සාධනීයත්වයට නූතන තාක්ෂණය යොදා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පසුගිය ජනාධිපතිවරණ සමයෙහි පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය වෙත බඳවාගැනීමට නියමිත ව තිබූ ගුරුපත්වීම් මැතිවරණ නීතිවලට අනුව ක්‍රියාවට නැංවීමට නොහැකි වීම හේතුවෙන් පිරිවෙන් ක්ෂේත්‍රෙය් බරපතල අර්බුදයක් මතුව පැවති බව දැනගත් වහා ම ඊට ඉතා කඩිනමින් ක්‍රියාත්මක වෙමින් ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ බවත්, ඒ අනුව ඉදිරි දින 10ක කාලසීමාව ඇතුළත එම අනුමත කරන ලද පත්වීම් 284ක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් අමාත්‍යවරයා විසින් අනාවරණය කළේය.

    මේ අවස්ථාවට, පිරිවෙන් අධ්‍යක්ෂ (වැ.බ) අතිපූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya