අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කරනවා - ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

    පෙබරවාරි 23, 2020

    ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට දුප්පත්කම තුරන් කර එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක සපුරාලීම රජයේ අරමුණ බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.


    රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වැලිසර පැවති කාන්තා සමිති නියෝජිතයින් පිරිසක් සමග සාකච්ජාවකට සහභාගි වෙමිණි.

    මෙහිදී අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා, දුප්පතකම තුරන් කර ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීම සදහා ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ රුපියල් මිලියන 600 ක මුදලක් වෙන් කර ඇති බවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නව මුහුණුවරකින් සහ ජනතාවට පහසු ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසීය. 

    පවුල් ඒකකයේ අවශ්‍යතා දිනෙන් දින වර්ධනය වන අතර ලබන ආදායම නිසි කලමණාකරණයකින් යුතුව වියදම් කළ යුතු අතර නව ආදායම් උත්පාදනය සදහා පවුල් ඒකකය ශක්තිමත් කිරීමට කාන්තාව සවි බල ගැන්වීමට කටයුතු කළ යුතුයි. ඇතැම් පිරිස් නිසි මග පෙන්වීමක්, අවබෝධයක් නොමැතිව විවිධ ස්වයං රැකියා පාඨමාලා වලට යොමුවන අතර එවැනි අවස්ථා වලදී සිය කර්මාන්ත අසාර්ථක වන අතර එය වලක්වා ගනිමින් නිසි මග පෙන්වීම, අමුද්‍රව්‍ය සහ වෙළදපොළ සපයාගත හැකි ස්වයං රැකියා කෙරෙහි යොමු කරවීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

    ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වන විට ජාතික ආර්ථිකයද ශක්තිමත් වන බැවින් මෙරටින් දුප්පතකම තුරන් කරලීමේ රජයේ අරමුණ ඉටුකර ගත හැකි අතර මේ සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නායකත්වය සහ මඟ පෙන්වීම ලබා දෙන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya