අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පැරණි ක්‍රමයට පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතී සකස් කරමින් තිබෙනවා- අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා

    පෙබරවාරි 21, 2020

    පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතී සකස් කරමින් තිබෙන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

    ජනතාවගේ ගැටළු සදහා ක්ෂණික නිවැරදි විසදුම් ලබාදීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,අධිකරණ පරිශ්‍ර තුළ නඩු භාණ්ඩ වශයෙන් පවතින රථ වාහන, දැව ,රාජ සන්තක කරන ලද හිමිකම් නොපාන බහාලුම් සහ රාජ සන්තක කරනු ලබන වැලි බොරළු සහ පස්, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍ර ලේඛ අංක 422 ට අනුව ,සුදුසු පරිදි නිශ්කාෂනය කිරීමට පෙර ඡායාරූප ගත කිරීම සදහා ඩිජිටල් කැමරා උපකරණ අධිකරණ 103 ක් සදහා බෙදාදීමේ අවස්ථාවට 19 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

    පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතී මේ වන විට සකස් කරමින් තිබෙනවා.ඒ සදහා වු නීති අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය එක්ව සකස් කරනවා.පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් යාම පිළිබදව විවිධ අදහස් පළ වෙනවා.පළාත් සභා මැතිවරණය වසර ගනණාවකින් පැවැත් වුයේ නැහැ .ඒ නිසා ජනතාවට අවශ්‍ය සේවය සිදු කර ගන්න බැහැ.පළාත් සභා වලින් වන සේවය පිළිබදව පළාත් සභා ඕන ද නැද්ද කියන එක වෙනම කාරණයක් වන බැවින් ඒ පිළිබදව වෙනම සාකච්ඡා කළ යුතුයි.ඒත් පවතින නීතියට අනුව පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අපි පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම කටයුතු කරන බව කිව යුතුයි.ඒ සදහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කරමින් තිබෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

    මා පසුගිය කාලය තුළ අධිකරණ ගණනාවක් පරීක්ෂා කලා .රථ වාහන වැලි අබලි ද්‍රව්‍යවලින් අධිකරණ පරිශ්‍ර පිරිලා තිබෙනවා.සමහර අධිකරණ පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් පිරිලා .අධිකරණයේ නිසාම මහජන පරීක්ෂකවරුනුත් නඩු දාන්නේ නැහැ.ඒ නිසා මෙම තත්වයට විසදුම් සෙවිය යුතු බවට අපි තීරණය කළා.මහියංගනය අධිකරණයේ වැලි පස් ගෙනත් දාලා ඒ නිසාම අධිකරණයේ තාප්පය කඩා වැටිලා තිබුණා.මේ වගේ ගැටළු රාශියක් තිබෙනවා.

    මේ පිළිබදව අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ අමාත්‍යාංශය හෝ දේශපාලඥයින් කිසිදු පියවරක් ගෙන තිබුණේ නැහැ. ජනතාවගේ ගැටළු සදහා ක්ෂණික නිවැරදි විසදුම් ලබාදීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ
    නායකත්වය යටතේ අපේ රජයේ ප්‍රතිපත්තිය බව ද අමාත්‍යවරයා පැවසීය. නඩු භාණ්ඩ වශයෙන් පවතින ද්‍රව්‍ය අපහරණය කිරීම පිළිබදව අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.නමුත් අධිකරණවලට අවශ්‍ය කැමරා ලබා දී තිබුණේ නැහැ.චක්‍ර ලේඛ හමස් පෙට්ටියේ දා ගෙන සිටීමේ අපේ රාජ්‍ය සේවයේ ඇතැම් අයගේ පුරුද්දක් තිබෙනවා.මේ චක්‍ර ලේඛයටත් ඒ දෙයම සිදු ව තිබුණා.උසාවලින් කිවුවේ අපිට කැමරා නැහැ කියලා.ඒ නිසා අමාත්‍යාංශයක් හැටියට අපි අධිකරණවලට අවශ්‍ය කැමරා උපකරණ ලබා දීමට තීරණය කළා.ඒ සදහා අපේ අමාත්‍යාංශයේ සියලු දෙනාගේ සහාය ලැබණා. අදාළ චක්‍ර ලේඛයට අනුව නඩු භාණ්ඩ සුදුසු පරිදි අපහරණය කිරීමට දැන් ඔබ කළ යුතුයි. සියලු අධිකරණ පරිශ්‍ර හොද මිත්‍ර ශිලි පිරිසිදු ස්ථාන බවට පත් කළ යුතු බව ද අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.


    නඩුකරයන් සදහා එන ජනතාවට පහසුකම් ලබාදීම සිදු වන්නේ ඉතා අල්ප වශයෙනුයි.අධිකරණවල විනිසුරුවරුන් අනෙකුත් කාර්ය මණ්ඩලවලට සේම අධිකරණ සදහා පැමිණෙන ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක ඇතුළු පහසුකම් නිසි පරිදි ලබාදීමට අපි කටයුතු කළ යුතුයි.පහසුකම් ලබා දෙනවා සේම අපි නඩු ප්‍රමාදය අවම කිරීම සදහාත් අලුත් ක්‍රමවේදයන් සකස් කළ යුතුයි.අපි ඉදිරියේදී සියලුම අධිකරණ ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරනවා .ඊට සමගාමීව පරිගණක දැනුම ලබාදීමටත් කටයුතු කළ යුතුයි.විශේෂයෙන් සමස්ත අධිකරණ පද්ධතියේම වෙනසක් අපි ඇති කළ යුතුයි.කිසිදු අධිකරණයක පසුවිපරමක් සිදු කිරීමේ බලයක් අමාත්‍යාශයට නැහැ.අධිකරණයේ නඩු විසදීමේ බලය විනිසුරුවරුන්ට ලබාදී යුක්තිය පසිදලීමට අදාළ කරුණු අධිකරණ සේවා කොමිෂන් සභාවට ලබා දී සමස්ත අධිකරණ පද්ධතියේ පරිපාලනය පිළිබදව වෙනසක් ඇති කළ යුතුයි.ඒ සදහා යම්කිසි මණ්ඩලයක් පත් කර අගවිනිසුරුතුමාගේ ද උපදෙස් අනුව කටයුතු කළ යුතු බවත් එසේ සිදු වුවහොත් අධිකරණ පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නැංවිය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

    අධිකරණවල පවතින නඩු ප්‍රමාදය පිළිබදව ගැඹුරු සමාලෝචනයක් සිදු කළ යුතුයි.අද වන විට අපේ අධිකරණ පද්ධතියට ප්‍රමාණවත් පහසුකම් නැහැ.ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයට සිටින විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ.එම සංඛ්‍යාව ද වැඩි කිරීමට කටයුතු කළ යුතුයි.අද අපේ අධිකරණවල දික්කසාද නඩු විශාල සංඛ්‍යාවක් තිබෙනවා.එම නඩු විසදීම සදහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.කම්කරු විනිශ්චය සභා තුළ විසදිය යුතු ඇතැම් කම්කරු නඩු මහෙස්ත්‍රාත් අධිකරණවලට පැවරීම නිසා මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු ගොඩ ගැසී තදබදයක් ඇතිව තිබෙනවා .

    මේ පිළිබදව අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර නැවතත් එම නඩු කම්කරු විනිශ්චය සභා සදහා යොමු කිරීමට කටයුතු කළ යුතු බවත් නඩු භාණ්ඩ අපහරණය කිරීමේ වැඩ පිළිවෙළ සදහා අධිකරණ වල සේවය කරනු ලබන සියලු දෙනාගේ සහාය ලැබිය යුතු බවත් නිශ්කාෂණය කරනු ලබන නඩු භාණ්ඩ පිළිබදව වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය වෙත ද ලබා දෙන මෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya