මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේටන්ට් බලපත්‍ර ගොනු කිරිම පිළිබඳ නිපුණතා සංවර්ධන සහ පුහුණු වැඩමුළුවක්

    පෙබරවාරි 21, 2020

    තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලය සමග එක්ව, ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ සහ ජපාන පේටන්ට් බලපත්‍ර කාර්යාලයේ සහයෝගීතාවෙන් සංවිධාන කළ පේටන්ට් බලපත්‍ර ගොනු කිරිම පිළිබඳ නිපුණතා සංවර්ධන සහ පුහුණු සිව්දින වැඩමුළුව අද දින තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ විය.

    ලෝක බුද්ධිමය දේපල කාර්යාලයේ සහයෝගීතාවෙන් 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේදී ආරම්භ කරනු ලැබූ වසර 6ක කාල සීමාවකින් යුතු Enabling IP Environment ( EIE) ව්‍යාපෘතිය යටතේ මෙම වැඩමුළුව සංවිධාන කෙරිණි. බුද්ධිමය දේපළ පිළිබඳ ප්‍රතිපත්ති සංවර්ධනය, තාක්ෂණික බලපත්‍ර ලබාදීම, තාක්ෂණික ඇගයීම, අලෙවිකරණය යනාදිය ඇතුළත් බුද්ධිමය දේපළ මත පදනම් වූ තාක්ෂණ පැවරුම් පිළිබඳ පුහුණු වැඩසටහන් හා වැඩමුළු පැවැත්වීම මෙම ව්‍යාපෘතිය හරහා සිදුකෙරේ.

    ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කරන අතර කේන්ද්‍රීය ආයතනය ලෙස තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය ද, උප කේන්ද්‍රිය ආයතන ලෙස ජාතික විද්‍යා පදනම හා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ද කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ තාක්ෂණ සංවර්ධනය, කළමනාකරණය සහ වාණිජකරණය සඳහා පවත්නා මානව හැකියාවන් වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබ තිබේ. තාක්ෂණ පැවරුම් වෘත්තිකයන් නිර්මාණය කිරීමත්, අප රට තුළ නවෝත්පාදන පරිසර පද්ධතියක් බිහි කිරීම සඳහා බුද්ධිමය දේපළ පදනම් වූ පර්යේෂණ වාණිජකරණය ප්‍රවර්ධනය කිරීමත් මෙමගින් ඉලක්ක කරගෙන තිබේ.

    මෙරට ආයතනික මට්ටමේ නව නිපැයුම් සඳහා උසස් තත්වයේ බුද්ධිමය දේපල හිමිකම් හඳුනා ගැනීමට හා වැඩිදියුණු කිරීමට තරම් ප්‍රමාණවත් බුද්ධිමය දේපල කටයුතු පිළිබඳ දැනුමක් එම ආයතන සතුව නැති බව හඳුනාගෙන තිබේ.එබැවින් මෙම ඌනතාවයන් වළක්වා ගනු පිණිස පේටන්ට් බලපත්‍ර ගොනු කිරීම සහ කෙටුම්පත් කිරීම පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලෙස ශ්‍රී ලංකාව වෙතින් ලෝක බුද්ධිමය දේපළ සංවිධානයෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එම සංවිධානයේ සහයෝගීතාවෙන් මෙම වැඩමුළුව සංවිධාන කර තිබේ.

    මෙම අවස්ථාවට ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය කාර්යාංශයේ උපදේශක ආචාර්ය ඩේවිඩ් සිමන්ස්, පිලිපීනයේ බුද්ධිමය දේපළ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ හා උපදේශක ආචාර්ය එපිෆානියෝ එවාස්කෝ ඇතුළු පිලිපීන විද්වතුන් පිරිසක් ද, බුද්ධිමය දේපළ පිළිබඳ උපදේශන කමිටුවේ හිටපු සභාපතිනි, සුගන්ධි කදිරගාමර්, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන්, විශ්ව විද්‍යාල හා පර්යේෂණ හා සංවර්ධන ආයතන වල නිලධාරීන්, තාක්ෂණ පැවරුම් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya