අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ තත්ත්වයන් පිළිබඳ 09 වන ජාත්‍යන්තර සමුළුව කොළඹ දී

    පෙබරවාරි 20, 2020

    සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ තත්ත්වයන් පිළිබඳ 09 වන ජාත්‍යන්තර සමුළුව පෙබරවාරි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය.

     එහි ආරම්භක සැසිය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ සෑම දිනක දී ම දරුවන් 06 දෙනකු උපත් අබාධ සහිත ව මෙලොව එළිය දකී. ඉන් දෙදෙනකු මියයයි. එසේම, සෑම වසරක දී ම උපදින දරුවන් 200 ක් තුළ දරුණු උපත් අබාධ දක්නට ලැබෙන අතර ඔවුන් සිය ජිවිත කාලය පුරා එමඟින් පීඩා විඳිනු ලබයි.

    දරුවන් 650 දෙනකු සිය පළමු උපන්දිනය සැමරීමට පෙර මිය යන්නේ ද උපත් අබාධ හේතුවෙනි. උපත් අබාධ දරුවන්ට අදාළ පවුලට සහා පොදුවේ සමාජයටත් දැඩි සේ බලපාන සෞඛ්‍ය ගැටළුවකි. මෙහි දී අවධානයට ලක් කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ උපත් අබාධ නිසා සිදු වන මරණ වැඩි ප්‍රමාණයක් දැනුවත් වී වළක්වා ගත හැකි වීමයි.

    මේ කරුණු පිළිබඳ ව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ සහ ඒවා වළක්වා ගැනීම පිළිබඳ ව ජාත්‍යන්තර සමුළුවක් පෙබරවාරි 23 දින සිට 26 දක්වා සිනමන් ලේක් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

    පසුගිය 2018 වසරේ මෙම සමුළුව කොලොම්බියාවේ පැවැත් වූ බවත්, මෙවර මෙම සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට අවකාශ ලැබීම මුළු මහත් ශ්‍රී ලංකාව රටක් වශයෙන් මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලැබූ විශාල
    ජයග්‍රහණයක් බවත් වෛද්‍ය කපිල ජයරත්න මහතා මෙහි දී ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, දියුණු රටවල මෙම උපත් අබාධ තත්ත්වයන් පිළිබඳ ව වඩාත් සැළකිල්ලක් දක්වා එවැනි උපත් ඇති වීම වැලැක්වීම කෙරහි ප්‍රමුඛතාවයක් ලබා දී කටයුතු කළ ද දියුණු වෙමින් පවතින රටවල එවැනි උපත් ඇති වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන කටයුතු කිරීම බොහෝ අඩු බව දක්නට ලැබෙන කරුණක් වන බව ද ඒ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.


    ඒ අනුව, මෙම ජාත්‍යන්තර සමුළුව මඟින් උපත් අබාධ වළක්වා ගැනීම, එබඳු දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සහ ඔවුන්ට ගුණාත්මක ජිවිතයක් ගත කිරීමට කළ හැකි දේ පිළිබඳ ව අඩු අදායම් රටවල ඇති හැකියාව වැඩි දියුණු කිරීමට වූ අවශ්‍යතාවය හඳුනාගනිමින් මෙම සමුළුව සෑම වසර දෙකකටම වරක් පැවැත්වේ.

    එමඟින් සංවර්ධනය වෙමින් පවතින රටවලින් සහභාගී වන්නන්ට ප්‍රයෝගික ක්‍රමවේද ලබා දීම, උපත් අබාධ අවෙක්ෂණය ක්‍රියාත්මක කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සහ ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව දැනුම ලබා දීම සිදු කෙරේ.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රවේණි විද්‍යාව පිලිබඳ මහාචාර්ය වජිර නානායක්කාර, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya