අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතුකරයේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් ගැටළු විසදීම සදහා විධිමත් වැඩ පිළිවෙළක්

    පෙබරවාරි 20, 2020

    බදුල්ල, හාලිඇළ මැතිවරණ කොට්ඨාශයේ මාර්ග හතරක් කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
    ඒ අනුව උඩුවර නව කොළණිය මාර්ගය, නිලි අතුගොඩ වට බැද්ද මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම ,කැටවල සුරියපුර මාර්ගය කොන්ක්‍රිට් කිරීම සහ පානා පන්තිය ගම ගෙදර මාර්ගය කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය සිදු කිරීමට නියමිතයි.
    එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් කිරීමට කටයුතු කළා සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරි මැතිවරණයේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් සහිතව අගමැතිවරයා බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

    විශේෂයෙන් වතුකරයේ ජනතාවට පවතින සනීපාරක්ෂක ප්‍රශ්න ඇතුළු පොදු පහසුකම් විසදීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හාලි ඇළ ඇටම්පිටිය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම සදහා පැමිණි අවස්ථාවේදී වතුකරයේ ජනතාවට පවතින ගැටළු සම්බන්ධයෙන් එතුමා දැනුවත් කළ බවත් අමාත්‍යවරයා සදහන් කළේය.


    වතුකරයේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් ගැටළු විසදීම සදහා විධිමත් වැඩ පිළිවෙළක් අවශ්‍ය වන බැවින් ඉදිරියේදී එය සිදු කරන බව ද පැවසීය. දැනට පවතින තත්වය අනුව සංවර්ධන කටයුතු සදහා මුදල් ලබා ගැනීම අපහසු බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශක්තිමත් රජයක් පත් කර ගැනීමෙන් පසුව ජනතාවට අවශ්‍ය පරිදි පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුඑටත් සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya