අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා වැඩිම සිසුන් පිරිස මේ වසරේ බඳවා ගන්නවා- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    පෙබරවාරි 19, 2020

    ලංකා ඉතිහාසයේ බඳවා ගන්නා වැඩිම සිසුන් පිරිස වෛද්‍ය පීඨයට බඳවා ගනිමින්, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා වැඩිම සිසුන් පිරිස මේ වසරේ බඳවා ගන්නා බව තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     එම ක්‍රමවේදයට අනුව කොතලාවල ආරක්ෂක පීඨයටද සිසුන් බඳවා ගන්නා බව සඳහන් කළ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, ජනාධිපතිවරයා විසින් මේ සඳහා විශේෂ අනුමැතියක් ලබා දුන් බවද සඳහන් කළේය.

    විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් 2019 උසස්පෙළ සමත් සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමේදී අනුගමනය කිරීමට යන ක්‍රමවේදය හේතුවෙන් උසස් පෙළ සමත් සිසුන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට මුහුණ දීමට සිදුවී ඇති ගැටලුකාරි තත්වය පිළීබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිලධාරින් ඇතුළු සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරු සහ අනෙකුත් සියලු වගකිව යුතු පාර්ශව එක්ව 2019 /2020 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇති බවය.

    2011වසරේ උසස් පෙළ විභාගය සඳහා නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ විභාගය පවත්වා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිර්දේශ මත එම සිසුන් එක් කණ්ඩායමක් ලෙස සළකා විශ්ව විද්‍යාලවලට බඳවාගෙන තිබේ. 2019 උසස් පෙළ විභාගය සඳහා ද 2011 වසරේ මෙන් පැරණි නිර්දේශය සහ නව නිර්දේශය යටතේ සිසුන් කාණ්ඩ 02 පෙනී සිට ඇත. විශ්ව විද්‍යාල කොමිෂන් සභාව 2019/2020 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල සිසුන් තෝරා ගැනීම වැඩි දුර අධ්‍යයන කිරිමට නිපුණතා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු සාමාජිකයන් විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිලධාරිස් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ අතර නව හා පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් එක් විභාගයක් සේ සලකා ඇතුළත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කර තිබේ. සිසුන් ලබා ගන්නා z ලකුණු පදනම් කරගෙන විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගන්නා ආකාරය පිළිබඳව සිසුන් සහ දෙමාපියන්ටපූර්ව දැනුවත් කිරිම් සිදු කර ඇති බවත් එම ක්‍රමවේදයට කිසිවෙකුත් විරෝධය දක්වා නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා, උසස් අධ්‍යාපන අමාත්‍යංශය හෝ අමාත්‍යවරයා වශයෙන් තමා පාර්ලිමේන්තුවට කිසිදු කරුණක් සැඟවීමට බලාපොරොත්තු නොවන බවද වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya