මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදයේ දෙවැනි දිනය අද- විවාදය ආරම්භ වෙයි

    පෙබරවාරි 19, 2020

    මහබැංකු බැදුම්කර නිකුතුව පිළිබඳව පත් කළ ජනාධිපති කොමිෂමේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදු කළ බැදුම්කර නිකුතුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව වන සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දෙවැනි දින විවාදය අද (19) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් සභාව කල්තබන් අවස්ථවේ යෝජනාව ඊයේ (18) සභාවට ඉදිරිපත් කළේ ය. අද දින විවාදය ආරම්භ කළේ,රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසිනි.

    විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරය;විශේෂ කාරකසභාවක් පත් කොට චෝදනා ගොණුකර බැදුම්කර වංචාව සම්බන්ධ පුද්ගලයන් ගැන ක්‍රියාමාර්ග ගත යුතු බව පැවසිය.වෝහාරික විගණන වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇත්තේ මතුපිට කරුණු පමණක් බවද කී අමාත්‍යවරයා,වෝහාරික විගනන වාර්තාව නඩු පැවරීමට යොදාගත නොහැකි බවද කීය.වෝහාරික විගනන වාර්තාව ඉදිරියට ගෙන මහබැංකු වංචාව යටපත් කිරීමට ඉඩ නොදිය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya