අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති

    පෙබරවාරි 17, 2020

    මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති සහ අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහානිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියෝ (106) අද (17) උදේ අපවත් වූහ.


    අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහා නායක අපවත්වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි සමඟ එක්ව 1958 දී මහරගම සිරි වජිරඥාණ භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා පුරෝගාමී වූ ශ්‍රී රාහුල නාහිමියෝ මහරගම ධම්මසිරි, ගංගොඩවිල සෝම, ත්‍රීකුණාමලයේ ආනන්ද වැනි මහතෙරණුන් වහන්සේලා රැසකගේ ගුරුවරයා වූහ.


    අපවත්වී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ ශ්‍රී දේහය 2020.02.19 වැනිදා (බදාදා) දක්වා මහරගම ධර්මායතනයේ තැන්පත් කර තැබෙන අතර, ශ්‍රී දේහය 2020.02.19 වැනිදා බම්බලපිටිය වජිරාමයට වැඩම කරවනු ඇත. අදාහන පූජෝත්සවය පෙබරවාරි 20 වැනිදා සිදුකෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya