අප්‍රේල් 01, 2020
tami eng youtube  twitter facebook

    මීගමුව මහ නගරබල සීමාවේ නීත්‍යානූකූල ඉඩම් ඔප්පු අහිමි පවුල් සදහා ඉඩම් ඔප්පු ලබාදීමේ ගැටළු හදුනාගැනීමේ මුලික සාකච්ජාවක්

    පෙබරවාරි 16, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ලංකාව පුරා ක්‍රියත්මක වන පවුල් දස ලක්ෂයකට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන යටතේ මීගමුව මහ නගර බල සීමාවේ නීත්‍යානුකූල ඉඩම් ඔප්පු අහිමි පවුල් සදහා ඉඩම් ඔප්පු ලබා දීම සදහා වන ගැටළු හදුනාගැනීමේ මූලික සාකච්ජාවක් (14) දින ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව පාතිමාවත්ත ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

    මෙහිදී 18 කුරුදුවත්ත, 19 ජනපද මාවත, 20 පාතිමාවත්ත ගම්මාන වල නිත්‍යානූකූල ඉඩම් ඔප්පු ලබා ගැනීමට අදාළව පවතින ගැටළු දීර්ඝ වශයෙන් සාකච්ජා කරනු ලැබීය. හදුනාගත් ගැටළු අදාළ අංශ වලට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් නීත්‍යානුකූල
    ඉඩම් අයිතිය ලබා දීමේ රජයේ නිවරදි ක්‍රමවේදය අනුගමනය කරමින් ඉදිරි කාල සීමාව තුළ මෙම ගැටළුව විසදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා පවසා සිටියේ මීගමුව මහ නගර සීමාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් මෙම ප්‍රදේශයේ මාර්ග පද්ධති ගංවතුරෙන් යටවීම වැලැක්වීම සදහා ඇළ මාර්ග ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 300 ක මුදලක් මේ වන විට වෙන් කර ඇති බවයි.


    යටිතල පහසුකම් සංවර්ධනය යටතේ මාර්ග, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, විදුලිය, සේවා පියස ඇතුළු අනෙකුත් පොදු පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
    මෙම අවස්ථාවට මීගමුව හිටපු නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya