අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිතිය අකුරට ඉටු කරන රජයේ නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා කරනවා- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    පෙබරවාරි 15, 2020

    නීතියේ ආධිපත්‍ය නිසි ලෙස පිහිටුවීම රජයේ අරමුණ බවත්,නිතිය අකුරට ඉටු කරන රජයේ නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා කරන බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ දී පැවැති කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

    පසුගිය දා වනජීවි නිලධාරිනි තම රාජකාරිය අකුරට ඉටු කිරිම සම්බන්ධයෙන්, අදහස් දැක් වු ඇමතිවරයා පැවසුවේ ජනාධිපතිවරයා හා රජය එම නිලධාරිනිය සමඟ සිටින බවයි. රජයේ අභිවෘද්ධිය පිණිස පුද්ගලික ප්‍රතිලාභයක් ගැන නොතකා ජාතියේ යහපතා තකා ඕනෑම තීන්දුවක්,තීරණයක්,නීතියට අනුව ගන්නා සියලු නිලධාරීන් ආරක්ෂා කරන බවට රජය පොරොන්දු වෙලා තියෙනවා.

    දේශිය හා විදේශිය වශයෙන් රටට අහිතකර ගිවිසුම් පසුගිය රජය විසින් සිදු කර ඇති බවත්,මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවල දී පැහැදිලි ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපති කොමිසමේ නඩු පවරා ඇති කිසිදු නඩුවකට තමන් මැදිහත් නොවන බවය'' යැයි ද අමාත්‍යවරයා පවසා සිටියේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya