අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහන ණය ක්‍රමයක් යටතේ ඉදිරි කාලයේ දි මාධ්‍යවේදීන්ට නිවාස සහ වාහන- ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    පෙබරවාරි 15, 2020

    සහන ණය ක්‍රමයක් යටතේ මාධ්‍යවේදීන්ට නිවාස සහ වාහන ලබාදීමේ යෝජනාව ඉදිරි කාලයේදි ක්‍රියාවට නැංවීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව තොරතුරු හා ජනමාධ්‍ය,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම,ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සදහා තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවට එක් වෙමින් පසුගිය දා ඇමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දි මේ බව  ප්‍රකාශ කළේය.

    රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අනුව ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බව පැවසූ ඇමතිවරයා, හෝමාගම තම මැතිවරණ බල ප්‍රදේශයේ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අසල පිහිටි ඉඩමේ නිවාස පෙර රජයේ නිවාස ඇමැතිවරයාව සිටිය දී ගොඩනැඟූ නිවාස සංකීර්ණය නැවත පවතින රජයට පවරා ගැනීමට හැකි වුවහොත් සහන ණය ක්‍රමයක් යටතේ ජනමාධ්‍යවේදීන්ට නිවාස ලබාදීමට හැකි බව ද ඇමැතිවරයා පැවැසුවේය.


    මෙම නිවාස සංකීර්ණයේ නිවාස 800 ක් පවතින අතර රුපියල් මිලියන 5 ක් වැනි අඩු මුදලක් යටතේ අලෙවි කිරීමට හැකි බවත්, මේ වන විට ප්‍රසිද්ධ වෙන්දේසියේ පෞද්ගලික සමාගමකට නිවාස සංකීර්ණය අලෙවි කිරීමට ලබා දී ඇති අතර එය රජයට පවරා ගැනීමට හැකි වුවහොත් මාධ්‍යවේදීන්ට නිවාස ලබාදීමට හැකි බවත් ඇමැතිවරයා අවධාරණය ක‍ළේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya