මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාරවරයා අතර හමුවක්

    පෙබරවාරි 15, 2020

    ශ්‍රී ලංකාවේ ජපාන තනාපති අකිරා සුගියාමා  (AKIRA SUGIYAMA) මහතා (13) පෙරවරුවේ මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා හමු විය.

    මෙහිදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරයා අදහස් හුවමාරු කරගත් අතර, ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර පිළිබදව ආණ්ඩුකාරවරයා දැනුවත් කළ සුගියාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජය ගෙන යන වැඩ පිළිවෙල ද අගය කළේය. මෙම සුහද හමුව අවසානයේදී දෙරටට මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya