මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සති දෙකක කාලයක් දියතලාවේ නිරෝධායනයට ලක් කළ චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා යුද්ධ හමුදා මූලස්ථානයට

    පෙබරවාරි 14, 2020

    සති දෙකක කාලයක් දියතලාවේ නිරෝධායනයට ලක් කළ චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා අද ( 14) නිවෙස් වෙත පිටත් කර හැරීමේ අරමුණෙන් අකුරේගොඩ, යුද හමුදා මූලස්ථානය වෙත පැමිණ ඇත.

    ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටතව යාම සඳහායි.

     සති දෙකක කාලයක වෛද්‍ය අධීක්ෂණය යටතේ දියතලාව හමුදා කඳවුරේ ප්‍රතිකාර ලැබීය. මෙම පිරිසේ කිසිවෙකුට කොරෝන ආසාදනයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

    චීනයට බලපෑ කොරෝනා වෛරසය හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස චීනයේ වුහාන් නගරයේ කොටු වී සිටි අතර ඔවුන් සුරක්ෂිතව ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය මැදිහත් වී කටයුතු කළ අතර ඒ සඳහා චීන රජය සිය සහයෝගය ලබාදුන්නේ ය. එය චීන- ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබදතාවයෙන් විශ්වසනීය බැදීම පෙන්නුම් කරයි.

    නිවාසවලට පිටත් කිරීමට නියමිතව සිටි පිරිස අද යුද හමුදා මූලස්ථානය වෙත පැමිණි අතර මේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී වී සිටියේ ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya