මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් මුල් කරගත් අධ්‍යාපන ක්‍රමය මහා ප්‍රබුද්ධ ලෙස සිතිය හැකි චින්තකයින් බිහි නොකළ බව මගේ විශ්වාසයයි

    පෙබරවාරි 14, 2020

    පොත් පත් පමණක් කටපාඩම් කර විභාගයට ලියන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් මුල් කර ගත් අධ්‍යාපන ක්‍රමය මහා ප්‍රබුද්ධ ලෙස සිතිය හැකි චින්තකයින් බිහි කළේ නොමැති බව මගේ විශ්වාසයයි -  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    දෙසතියට 42 යි - සැමරුම් උළෙල සහ දෙසතිය බෙදා හැරීම් ජාලය තැපැල් දෙපාර්තමේන්තුවට නිල වශයෙන් භාර දෙන සැමරුම් අවස්ථාව හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී  සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  පැවැත්විණි.

    දෙසතියට වසර 42 ක් පිරෙන අවස්ථාවේ දී අඛණ්ඩ ව පවත්වාගෙන ගොස් කිසියම් ඇගයීමක් කරන කෘතව්දීත්වය පළකිරීම උදෙසා පවත්වන උත්සවයට සහභාගී වූ සියල්ලන්ට තමන් මහත් වූ කෘතවේදිත්වය පිරිනමන බව පොතපතට හිත දෙන අමාත්‍යවරයෙකු වශයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි දී උත්සව සභාව අමතමින් කියා සිටියේය. ඉන් පසුව,

    ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය;

    “1977 න් පසු ඇති වූ මහා සංස්කෘතික විප්ලවයන්ගෙන් ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ නමුත් මම ඊට වඩා වෙනස් ලෙස සිතනවා,නමුත් ප්‍රශ්නයක් තිබෙනවා නිදහසෙන් පසු 77 ට පෙර යුගය හා පසු යුගය සාපේක්ෂ ව සැසඳීමේ දී. 77 න් පසු දෙසතිය ඇරඹීම ඉතා හොඳ වැදගත් ක්‍රියාවලියක් වුවත් සංස්කෘතික අපගමනයක් හා මිනිස්කමේ දරුණු නායයාමක් 77 යුගයෙන් පසු අධ්‍යතන යුගය දක්වා දිවෙන ගමන් මඟේ දී දක්නට ලැබෙනවා. නිදහසෙන් පසු මුල් යුගයේ දී මේ රටේ මිනිසුන් වැඩි පිරිසක් මිනිසුන්ටත්, රටටත්, සමාජයටත් ආදරය කරන පිරිසක් ලෙස බිහි වුවාද යන්න සිත තුළ පැන නඟින ගැටළුවක්.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල කලාව පෝෂණය කරන අවස්ථාවේ දී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් සිංහ බාහු නිර්මාණය මඟින් ළමුන් සහ දෙමපියල් අතර අන්තර් මානව සම්බන්ධතාවය පිළිබඳව එදින කතා කළ නමුදු අද එවැනි මානව සම්බන්ධතා පිළිබඳව කතා කරන ආචාර්ය මහාචාර්යවරුන් විශ්ව විද්‍යාල පද්ධති වලින් බිහි වනවාද? ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් වැනි සිනමා කරුවන් මේ කාලය තුළ කි දෙනෙක් බිහිවී තිබේද? චිත්‍රසේන වජිරා යන නර්ථනය එතෙරටත් ජාත්‍යන්තර කීර්තියට පත් නර්ථන ශිල්පින් මේ වන තෙක් නැවත බිහි වී තිබේද? වෛද්‍ය ගුණදාස අමරසේකර වැනි කෙටි කතා කරුවන්, කවීන්, මහගමසේකර වැනි ගීත රචකයින් මේ මෑත භාගයේ දී බිහි විය යුතු ව තිබුණා නේද? එසේ වුනානම් අද්‍යතන අධ්‍යාපන ක්‍රමය පිළිබඳව වග උත්තර කරුවෙකු ලෙස මට හැඟෙනවා.

    එයට හේතුව ලෙස බ්‍රිතාන්‍ය ලන්ඩන් උසස් පෙළ, සාමාන්‍ය පෙළ ලෙස පොතේ ගුරු - පොත් පත් පමණක් කටපාඩම් කර විභාගයට ලියන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් මුල් කර ගත් අධ්‍යාපන ක්‍රමය මහා ප්‍රබුද්ධ ලෙස සිතිය හැකි චින්තකයින් බිහි කළේ නොමැති බව මගේ විශ්වාසයයි.”

    හිතනවට වඩා වැඩිදුර හිතන්නට හැකි, පෙනෙනවට වඩා යමක් වැඩියමක් දකින්න හැකි, ඇසෙනාවට වඩා වැඩියමක් අහන්නට හැකි සමාජයක් නැති වීම තුළින් එම සමාජයේ දනුවත් බව පිළිබඳ ව විශාල අර්බුදයකට ලාංකීය සමාජය ගොදුරු වෙන බව මෙහි දී අමාත්‍යවරයා කියා සිටියේය.

    ඊට මෑත කාලයේ ගත හැකි හොඳම උදාහරණය ලෙස අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේ පසුගිය දිනෙක කඩොලාන පද්ධතිය විනාශ වීම වැළක්වීම සඳහා රාජ්‍ය නිළධාරිනියක් කතා කළ අවස්ථවේ දී ඇයට විරුද්ධ ව එක්තරා පුද්ගලයෙක් විසින් ඔක්සිජන් අවශ්‍ය කුමකට ද යන්න ප්‍රශ්න කිරීම පිළිබඳවයි. එපමණක් නොව එහි දී එම පුද්ගලයා සඳහා ගත යුතු හොඳම ක්‍රමෝපාය ද මෙහි දී අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී. එමඟින් අමාත්‍යවරයා විසින් මෙරට සමාජයේ මිනිසුන්ගේ දැනුවත් භාවය ප්‍රශ්න කිරීමකට ලක්කෙරිණි.

    කෙසේ වුව ද, ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් දෙසතිය වැනි සඟරාවක් බිහි කිරීමේ අරමුණ වුයේ ද මෙවැනි නොදැනුවත්භාවයකින් යුතු වූවන් සඳහා දැනුම ලබා දීමේ තෝතැන්නක් බවට පත් කිරීම බවත්, විශ්ව විද්‍යාල
    මට්ටමේ සහ උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් එකල ද මෙම සඟරාව බොහෝ විට අලුත් යමක් සිතීමට භාවිතයට ගත් බවත්, මෙහි දී කියා සිටී අමත්‍යවරයා මෙවැනි වටිනා කාලෝචිත සඟරාවක් වර්තමානය වන තෙක් දශක හතරකට නොඅඩු කාලයක් තිස්සේ තවදුරටත් විකාශනය වෙමින් වසර 42 ක් දක්වා පැවතීමම ඉතා විශාල දෙයක් බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් අවධාරණය කරනු ලැබිය.

    එපමණක් නොව, බොහෝදුරට මෙරට තුළ යම් කිසි දෙයක් නිර්මාණය කිරීමෙන් පසු ඉනික්බිති එය පවත්වාගෙන යනවාට පවත්වාගෙන යනවා විනා ඉදිරියට වඩාත් ගුණාත්මක, ව්‍යුහාත්මකව හා ප්‍රමාණාත්මක ව වශයෙන් සංවර්ධනය නොකිරීමේ ගැටලුවක් ලාංකීය සමාජය තුළ දක්නට ලැබෙන බව මෙහි දී තරයේ කියා සිටී අමාත්‍යවරයා විසින් මෙසේද ප්‍රකාශ කළේය;

    “මෙරට පසුගිය කාලයේ දී විවිධ ප්‍රදේශ වල කෘෂි භාණ්ඩ තොග වශයෙන් අළෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන ඇති කරනු ලැබුවා, මිනි කෝප් සිටී ඇති කර පුද්ගලික අංශ වලට තරඟකාරීත්වයක් ඇති කිරීමට කටයුතු කරනු ලැබුවා, පරිගණක විද්‍යාගාර සහිතව මහින්ද්‍යෝදය තාක්ෂණික විද්‍යාගාර 1000 ක් හැදීමට කටයුතු කළා, නව තාක්ෂණවේදය විෂය ධාරාවක් හඳුන්වා දුන්නා, වාසනාවකට මෙන් තාක්ෂණ විෂය ධාරාව විශ්ව විද්‍යාල මට්ටම දක්වා ඉහළ ට ගොස් තිබෙනවා, නමුත් අනිකුත් අංශ ආරම්භ කිරීමෙන් පසු වැඩිදියුණු වක් නැහැ”

    මෙලෙස ආරම්භ වූ යම් දෙයක් අඩියෙන් අඩිය, වර්ෂයෙන් වර්ෂයට තවදුරටත් අනිත් පාර්ශ්ව මඟින් වැඩිදියුණු කර ගැනීම දියුණු රටවල, සහ දියුණු වූ රටවල සහ ලෝකයේ ආදර්ශය වන්නේ, එහෙත් ලංකාවේ වඩා හොඳ දෙයක් වුවත් එය තෝරා නොගෙන ඉදිරියට වර්ධනය නොකර ගන්නා අයහපත් දේශපාලන සංස්කෘතියක් සහිත ඉතිහාසයක් තිබිලා තියෙන නමුත්, අප සියලු දෙනා රටවැසියන් විසින් පත් කරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යුගයේ දී එතුමා විසින් පැවතුනු දේශපාලන සංස්කෘතිය වෙනස් කර වැඩකරන්නට කැමති, වැඩකරන්නට

    හැකි සියලු දෙනාට රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්නට ඉඩ හසර ලබා දෙන, පළිගැනීමෙන් තොරව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම බව මෙහි දී අවධාරණය කර සිටියේය. දෙසතියට දැන් තිබෙන අභියෝගය වන්නේ සංස්කෘතික ගැටුමක් වර්ධනය නොවන ආකාරයට සහ එවැනි ගැටුම් සමනය වන ආකරයටත් වඩා ඇත එපිට පිටිසර ගම්මාන දක්වා කියවීමේ පාඨක සමාජයක් මෙන්ම ඇති කරගැනීමේ දැවැන්ත අවශ්‍යතාවය බවත් මෙහි දී අමාත්‍යවරයා කියා සිටියේය.

    එමෙන්ම, වත්මන් ලංකාවේ සෙලියුලර් භාවිතය හා ඩිජිටල් තාක්ෂණය වැඩි වශයෙන් ශ්‍රී ලාංකීය තාරුණ්‍ය නැඹුරු වී ඇති විටෙක නොකියවන ජාතියක් බවට පත්වෙමින් සිටින යුගයක, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා එක් ව තැපැල් පති තුමා ප්‍රමුඛ ව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මෙලෙස ඈත පිටිසරබද ප්‍රදේශ වල පවා සිටින තාරුණ්‍ය දැනුවත් තරුණයක් බවට පත් කිරීමට ගන්නා උත්සාහය ඉතාමත් කාලෝචිත වන බව ද කියා සිටී අමාත්‍යවරයා ඉදිරියටත් පවත්වාගන යාම උදෙසා මෙම සඟරාව වැඩිදියුණු කළ යුතු බව ද සඳහන් කරන ලදී.

    මෙම අවස්ථාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව, තැපැල්පති රංජිත් ආරියරත්න, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ඇතුළු විශාල සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya