අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිගු කලක් තිස්සේ උසස්වීම් ලබා නොසිටින පොලිස් නිළධාරීන්ට උසස්වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    පෙබරවාරි 13, 2020

    දීර්ඝකාලීනව උසස් වීම් ලබා නොසිටින කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා කාන්තා සහ පිරිමි පොලිස් නිළධාරීන් වෙත එක්වරක් පමණක් බලපාන පරිදි උසස් වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    මේ සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග,අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය කරුණක් සේ සළකා අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසිය.

    පොලිස් නිළධරයන්ට උසස්වීම් ලබා දීමේ දී පසුගිය කාලය තුළ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් අවශ්‍ය සුදුසුකම් සපුරා තිබියදීත් නියමිත උසස් වීම් ලබා ගැනීමට කාන්තා හා පිරිමි පොලිස් නිළධාරීන් විශාල පිරිසකට නොහැකි වී තිබේ. එමෙන්ම, නියමිත බඳවා ගැනීමේ පටිපාටි අනුමත ව පැවතිය ද ඒ අනුව අදාළ උසස් වීම් සිදුකොට නැති බව පෙනීගොස් තිබේ. එම හේතූන් මත එක් එක් අවස්ථාවල දී ලබා දී ඇති උසස් වීම් අභියෝගයන්ට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 50 කට ආසන්න සංඛ්‍යාවක් විභාග වෙමින් පවතී.

    එබැවින්, පොලිස් මුලස්ථානය විසින් පත් කරන ලද කමිටුවක් විසින් එම තත්ත්වය අධ්‍යනය කර අදාළ උසස් වීම් ලබා දීම සඳහා යෝජනාවලියක් සකස් කර ඇති අතර එහි පළමු අදියර මේ වන විට ක්‍රියාත්මක කරනු ලැබ ඇතැයි ද ඇමති චමල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති යෝජනාවේ දැක්වේ.


    ඒ අනුව, දීර්ඝ කාලයක් තිස්සේ උසස්වීම් නොලබා සිටින පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල්, පොලිස් සැරයන්, කාන්තා පොලිස් සැරයන්, උප පොලිස් පරීක්ෂකවරුන් හා කාන්තා උප පොලිස් පරීක්‍ෂකවරියන් සඳහා උසස් වීම් ලබා දීය යුතු යැයි එම යෝජනාවේ සඳහන් වූ බව ද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya