අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ කිසිදු මාධ්‍ය වාරණයක් සිදු කරන්නේ නෑ- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    පෙබරවාරි 13, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ කිසිදු දිනයක මාධ්‍ය වාරණයක් සිදු නොකරන බව උසස් අධ්‍යාපන,තොරතුරු හා ජනමාධ්‍ය,තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ, මාධ්‍ය ප්‍රධානීන් හමුවීම සඳහා (12) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි. රජයේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම,ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරිණ.

    රටට,ජාතියට,ආගමට,සංස්කෘතියට,මනුෂ්‍යකමට බාධා වන කිසියම් දෙයක් ප්‍රචාරය කිරීමට පෙර මාධ්‍ය ආයතන ස්වයං වාරණයක නිරත වන්නේ නම් එය යහපත් බවත් එමඟින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කර ගත හැකි බවත් මෙහි දී ඇමැතිවරයා පැවැසුවේය.


    එමෙන්ම,මෙම අමාත්‍ය ධුරයට බන්දුල ගුණවර්ධන මහතා පත් ව දැනට දින 90 ක් ගත වෙනවා. දින 90 ක් ගත වුණත් (12) ප්‍රථම වතාවට මාධ්‍යවේදී ප්‍රධානීන් හමු වූ බවත්, මීට ප්‍රථම හමුවීමට නොහැකි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බවත්, ලැබී තිබෙන වගකීම් ඉතා විශාල වන නමුදු ඒ අතරින් විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධයෙන් සොයා බැලීමට තිබෙන වගකීම ඉතා ඉහළ බවත් මෙහි දී කියා සිටියේය. උසස් පෙළ විභාගයෙන් පසුව විශ්ව විද්‍යාලයට යාම සඳහා මෙරට සිසුන් 181,000 ක් සුදුසුකම් ලබයි. ඒ අතරින් විශ්ව විද්‍යාලට ඇතුළත් වීමට සුදුසුකම් ලබනුයේ 30,000 ක පිරිසක් පමණි. ඉතිරි සිසුන්ට කුමක් වන්නේ ද යන්න සොයා බැලිය යුතු බවත්, විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් නොලබන අය පිරිසක් ත්‍රීරෝද රියදුරන් ලෙසත්,තවත් පිරිසක් වෙනත් රැකියාවලටත්,ඇති හැකි අය පිටරට ගොස් ඉගෙන ගැනීමටත් යොමු වෙන බවත්, ඇතැම් දරුවන් ඉගෙන ගැනීමට විදෙස්ගත වන්නේ තම දෙමාපියන්ගේ ඉඩකඩම්,ගෙවල් දොරවල් පවා උකස් කරලා බවත් එය ඉතාමත් කණගාටුදායක බවත් මෙහි දී ඒ මහතා කියා සිටියේය.


    විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන ඇතැම් පිරිස් නවක වදය හේතුවෙන් අධ්‍යාපන කටයුතු නිමවීමක් සිදු නොකර විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත් වෙයි. නවක වදයට බියෙන් සිසුන් 2,000 කගේ පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්මන් ආණ්ඩුව යටතේ නවක වදයට තිබෙන ඩිප්ලෝමා ප්‍රදානය කිරීම සඳහා පමණයි මෙම විශ්ව විද්‍යාල විද්‍යායතන ස්ථාපිත කරනැ අතර විවිධ වෘත්තියන් සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් විශ්ව විද්‍යාල විද්‍යායතනයක් බැඟින් හෝ ස්ථාපිත කිරීමට අදහස් කරන බව ද මෙහි දී සඳහන් කරන ලදී.


    තව ද, මාධ්‍යවේදීන් සඳහා පොලී රහිත ණය ලබාදීමට ඉදිරියේ දි කටයුතු කරනැ බවත්, ණය යෝජනා ක්‍රම මේ දිනවල ක්‍රියාත්මක කිරීමට අපහසු වන්නේ අප්‍රේල් මැතිවරණය පවත්වා අවසන් වන තෙක් අපට අයවැයක් නොමැති වීම බවත් සඳහන් කළ අමාත්‍යවරයා අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමෙන් පසුව මේ දිනවල රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මුදල් ලබාදීම සිදු කරන හෙයින් අප්‍රේල් මැතිවරණයෙන් පසුව මැයි ජූනි වගේ වන විට අයවැයක් සම්මත කර ගත හැකි බව ද, ඉන් පසුව ණය යෝජනා ක්‍රමවලට අවශ්‍ය මුදල් ලබාදීමට හැකි වන බවත් ප්‍රකාශ කරන ලදී.


    ජනාධිපතිවරයා ආදර්ශයෙන්ම පෙන්වා දී තිබෙන්නේ සරල යහපත් ආණ්ඩුකරණයක් සිදු කරන්නේ කෙසේද යන්න බව අවධාරණයෙන් කියා සිටි අමාත්‍යවරයා බොහොම පිරිමැසුම්දායක රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් අනුගමනය කරමින් ආණ්ඩුවේ කටයුතු ගෙන යාමට ජනාධිපතිවරයා විසින් මැති ඇමැතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බව ද මෙහි දී පෙන්වා දෙන ලදී.


    “අද වවමු පැළයක් - හෙට නෙළමු ඵලයක්” තේමාව යටතේ මෙවර සිංහල අලුත් අවුරුද්දේ අප්‍රේල් 19 වැනිදාට යෙදී තිබෙන හරිත නැකත නිමිති කර ගනිමින් එකම වේලාවකදී තම ගෙවතුවල පැළයක් සිටුවීමට ද යෝජනා කළේය. ගමේ ගෙවතුවල පැළ වන කොස්,දෙල්,අනෝදා,වෙරළු,රඹුටන් වැනි නොමිලේ ලබා ගත හැකි පැළයක් මෙහි දී සිටුවීම සිදු කෙරේ. මෙරට ග්‍රාමසේවා වසම් 14,027 ක් තිබෙන අතර එක් වසමක නිවාස 600 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් තිබෙන බවත්, ඒ අනුව පැළ සිටුවීම සිදු කළහොත් එකම වේලාවක පැළ ලක්ෂ 40 කට වඩා සිටුවීමට හැකි වන බවත්, ඒ අනුව ලෝක වාර්තාවක් ද තැබිය හැකියි බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් සන්ධාන කරන ලදුව එම පණිවුඩය ජනතාව අතරට ගෙන යාමට සියලු මාධ්‍යයේ සහාය ද ඉල්ලා සිටියේය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද හේරත් මහතා ද මෙහි දී තම අදහස් ඉදිරිපත් කරන ලදී.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මාධ්‍යවේදීන්ගේ ප්‍රගතිය උදෙසා වැඩපිළිවෙළ රැසක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බවත්, මාධ්‍යවේදීන් උදෙසා විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ස්ථාපිත කිරීමට වැඩ ආරම්භ කර තිබෙන බවත්, කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රෙස් ක්ලබ් එකක් ගොඩනැඟීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙන බවත්, එය නියමු ව්‍යාපෘතියක් ලෙස පළමුවෙන්ම ආරම්භ කරන බවත්, රට තුළ හරිත විප්ලවයක් ඇති කිරීම සඳහා “අද වවමු පැළයක් - හෙට නෙළමු ඵලයක්“ තේමාව යටතේ සිංහල අලුත් අවුරුද්දේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ලේකම් වරයා මෙහි දී කියා සිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya