අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශක්තිමත් ශ්‍රම බලකායක් බිහිකිරීම සඳහා රැකියා විරහිත උපාධිධාරින් සහ ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීමේ වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මකයි

    පෙබරවාරි 12, 2020

    ශක්තිමත් ශ්‍රම බලකායක් බිහිකිරීම සඳහා රැකියා විරහිත උපාධිධාරින් සහ ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීමේ වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    එළඹෙන පෙබරවාරි මස18 දිනට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයේ දිවුරුම් දී ප්‍රථම දින 100 සපිරෙන අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය නොතිබුණද,කාලය අපතේ නොයවා රටේ සංවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් මෙම දින සියය තුළ ක්‍රියාවට නැංවූ බව ද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12)අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධූරයේ දිවුරුම් දී ගෙවුණු ප්‍රථම දින 100ට ආසන්න කාලය තුළ සිදුකළ වැඩසටහන් පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, ශක්තිමත් ශ්‍රම බලකායක් බිහිකිරීම සඳහා රැකියා විරහිත උපාධිධාරින් සහ ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීමේ වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවද පැවසීය. තවද අධ්‍යාපනය තුළින් ශ්‍රම බලකාය දියුණු කිරීම හා අධ්‍යාපනයේ ගුණාත්මක බව ප්‍රවර්ධනය සඳහා පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීම,උසස් පෙළ සමත් සියලු සියලු සිසුන්ට සරසවි වරම් තහවුරු කිරීම තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව සමග ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණ පුහුණුව ලබා දීම,දිළිඳු පවුල්වල කිසිදු සුදුසුකමක් නොලත් තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් බිහි කිරීම, අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවීම,ජාතික ආරක්ෂක විද්‍යායතනයක් පිහිටුවීම වැනි වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාවට නංවා ඇති බවද සඳහන් කළේය. සංචාරක ව්‍යාපාරය නැංවීම සහ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවූ බව පැවසූ අමාත්‍යවරයා ගම්බිරිස් වැනි කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීම වලක්වමින් එන්සාල්, කරාබුනැටි විකුණූ ගමේ ජනතාවගේ ආර්ථිකය නංවාලීමට කටයුුතු කර ඇති බවද සඳහන් කළේය.

    රාජ්‍ය සේවය විධිමත් කාර්යක්ෂම සහ සඵලදායි කිරීම සඳහාද ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ලබා දුන් ණය නැවත ගෙවීම සඳහා ඔවුන්ට හුස්ම ගැනීමට ඉඩක් ලබා දෙමින් සහන කාලයක් ලබා දී තිබේ.

    තවද ඇතැම් බුද්ධිමතුන් දේශපාලනයෙන් බැහැර වී සිටි සමයක් පැවති බව සඳහන් කල අමාත්‍යවරයා එය වෙනස් කරමින් වියත් මග වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ බවද  මැතිවරණය කල් දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයිද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya