අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිටකොටුවේ ඉදිකිරීමට යෝජිත බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය පිළිබඳ ප්‍රංශ තානාපති සමඟ සාකච්ඡාවක්

    ජනවාරි 29, 2020

    ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතාගේ (Eric Lavertu) නායකත්වයෙන් යුත් දූත පිරිසක් කොළඹ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    එහිදී තානාපතිවරයා සමඟ කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා පිටකොටුවේ ඉදිකිරීමට යෝජිත බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

    මෙම සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයා අදාළ ව්‍යාපෘතියේ වැදගත්කම පහදා දුන් අතර මගීන්ගේ පහසුව සඳහා අවට අවකාශය උපරිම ලෙස භාවිතා කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

    ප්‍රංශ දූත පිරිස කියා සිටියේ ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට පූර්ණ විශ්වාසයක් ඇති බවයි. මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවගේ ගමනාගමන පහසුකම් වැඩිදියුණු කරනු ඇති බවද පෙන්වා දුන්නේය.

    යෝජිත ප්‍රවාහන මධ්‍යස්ථානය යනු කොටුව-පිටකොටුව ප්‍රදේශය සඳහා ඒකාබද්ධ ප්‍රවාහන හා නාගරික සංවර්ධන ව්‍යාපෘතියකි. ආයෝජකයින් කෙරෙහි නගරයේ ආකර්ශනය වැඩි කිරීම සහ කොළඹ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කර තරඟකාරී වෙළඳපොළක් ඇති කිරීම මෙහි අරමුණයි.

    ප්‍රංශ රජයේ ප්‍රදානයක් මඟින් අරමුදල් සපයනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය ලබන මාසයේ අවසන් කිරීමට නියමිතය. මූලික වාස්තු විද්‍යාත්මක සැලසුම් සම්පුර්ණ කිරීම සහ පාරිසරික හා සමාජීය බලපෑම් අධ්‍යයනයන් සිදු කිරීම සඳහා තවදුරටත් අරමුදල් සපයා ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya