පෙබරවාරි 20, 2020
tami eng youtube  twitter facebook

    නව ආහාර ප්‍රතිපත්තියක් - ආහාර සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් -කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ

    ජනවාරි 28, 2020

    මහජනතාවට වඩාත් සුභදායී සෞඛ්‍ය ආරක්ෂාවක් සැළසීම සඳහා ආහාර ප්‍රතිපත්තිය සංශෝධනය කරමින් නව ආහාර ප්‍රතිපත්තියක් ගෙන ඒමට කටයුතු කරන බවත් පාරිභෝගික අධිකාරිය, ජාතික ප්‍රමිතිකරණ ආයතනය සහ පළාත් සෞඛ්‍ය ආයතන යන ආයතනවල සහභාගීත්වයෙන් ආහාර සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද 28 දා පැවති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ වත්මන් ආහාර පනත යම් ප්‍රමාණයක දුර්වලතාවයක් තිබෙන බවත්, එය සංශෝධනය මගින් පාරිභෝගිකයකුට තමන් ගන්නා භාණ්ඩයක අඩංගු දේ කුමක්ද යන්න දැනගැනීමට තිබෙන අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්ය.

    මෙම අවස්ථාවට සම්බන්ධ වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, පාරිභෝගික සේවා අධිකාරිය අයිති වන්නේ අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයට බවත්, පසුගිය රජය සමයේදී එහි කටයුතු අකාර්යක්ෂමව පැවති බවත් ඉදිරියේ දී එය විධිමත්ව ක්‍රියාත්මක වනු ඇති බවත්ය.

    එමෙන්ම ජාතික ප්‍රමිති ආයතනය නව සභාපතිවරයා ලෙස ආචාර්ය අබේරත්න බණ්ඩාර පත්කර ඇති බවත්, ඔහු ජනවාරි 29 වැනිදා වැඩ භාරගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya