අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සේවක දීමනා හා විශ්‍රාම වැටුප් ගෙවීමට පරිපූරක ඇස්තමේන්තුවක්

    ජනවාරි 28, 2020

    දැනට නතර කර ඇති රජයේ සේවකයන්ගේ වැඩි කරන ලද සංයුක්ත දීමනා සහ විශ්‍රාමිකයන්ගේ වැඩි කර වැටුප් ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය කටයුතු කරගෙන යන බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    දැනට අතුරු සම්මත ගිණුමක් ක්‍රියාත්මක වන බැවින් මෙම වැටුප් වැඩි වීම් සඳහා ප්‍රතිපාදන ලබා ගත නොහැකි බැවින් ඒවා ගෙවීම් ප්‍රමාද වී තිබේ.එම නිසා මෙසේ පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ඒමට සිදු වී ඇතැයිද තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍යංශයේ අද(28) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමතිවරයා කීය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අබේවර්ධන මහතා රජය විසින් ලබා දී ඇති 8% වැට් බදු සහනය නිසා ආයතන 50ක් පමණ එම ආයතන වලට අයත් භාණ්ඩ හා සේවාවන් 5555ක මිල අඩු කොට ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය වාර්තා කර ඇති බවද කීය.

    ජනමාධ්‍යවේදීන් සඳහා වන ඇසිදිසි ණය යෝජනා ක්‍රමය දැන් ක්‍රියාත්මකය.2019 නොවැම්බර් 20වන දාට පෙර අයදුම් කර ඇති ණය අයදුම්කරුවන්ට මහජන බැංකුවෙන් හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් ලබා ගත හැක.එසේම මාධ්‍යවේදීන් සඳහා ණය යෝජනා ක්‍රමයක් මාර්තු මාසයේ සිට ආරම්භ කෙරේ.

    මාධ්‍යවේදීන්ය අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන මගින් මාධ්‍යවේදීන්ට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ශිෂ්‍යත්ව ලබා දෙන අතර ඒ සඳහා පෙබරවාරි මස 07 දිනට පෙර අයදුම් කළ යුතු බව රාජ්‍ය ඇමතිවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya