අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ පහසුකම් සම්බන්ධව නිරන්තර අවධානයෙන්- රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

    ජනවාරි 28, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත උද්ගත ව ඇති හදිසි තත්ත්වය හමුවේ ජනවාරි 25 වන දින සිට විදේශ සබඳතා අමාත්‍යංශය වහාම ක්‍රියාත්මක වී කටයුතු කළ බව ද, මේ වන විට වුහාන් ප්‍රාන්තය තුළට ඇතුළුවීම හෝ පිටවීම කිසිසේත් ම සිදු නොකරන හෙයින් එහි සිටීන ශ්‍රී ලංකික පිරිස සඳහා අවශ්‍ය අහාරපාන ආදිය ලබා දීම සඳහා බිජිං හි පිහිටි තානාපති කාර්යාලය මඟින් වුහාන් හි පළාත් බළධාරීන් සම්බන්ධීකරණය කර ගෙන ඊට අදාළ පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (28) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    එමෙන්ම, එරට පිහිටි තානාපති කාර්යාලය හරහා එම ශ්‍රී ලාංකිකයින්ගේ පහසුකම් සම්බන්ධව ද නිරන්තරයෙන් අවධානයෙ කටයුතු කරන බව මෙහි දී සඳහන් විය. සෞඛ්‍ය බළධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වුහාන් ප්‍රදේශයට ලබා දී ඇති උපදෙස් නිසියාකාර ව අනුගමනය කරන ලෙස එම ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබා දි ඇති බවත්, ශිෂුහාන් ප්‍රාන්තයේ චෙන්ෂු හි වෙසෙන ශ්‍රී ලංකිකයින් ව ඉවත් කර ගැනීම සඳහා මේ වන ඉල්ලීම් සිදු කර ඇති බවත් කියා සිටි අමත්‍යවරයා වුහාන් ප්‍රාන්තයෙන් පිටත අනෙකුත් ප්‍රදේශ වල සිටින 557 ක ශ්‍රී ලංකික පිරිසෙන් 204 ක් නැවත මෙරටට පැමිණ ඇති බවත්, ඊයේ (27) දිනයේ සිට චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණෙමින් තිබෙන බවත් මෙහි දී අමාත්‍යවරයා කියා සිටි අතර පුද්ගලයින් 103 ක් අද (28) දිවයිනට පැමිණීමට නියමිත බව ද දැනුම් දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya