මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ජාතික සැලැස්මක් කෙටුම්පත් කෙරේ

    ජනවාරි 28, 2020

    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ජාතික සැලැස්මක් කෙටුම්පත් කිරිම ඇරඹේ.

    මධ්‍යම රජය හා පළාත් සභා ඒකාබද්ධව මෙම ජාතික සැලැස්ම කෙටුම්පත් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.


    මෙම ජාතික සැලැස්ම සැකසිම සදහා වු පළමු සමුළුව පසුගිය සිකුරාදා  කොළඹ දි පැවැත්විණි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, උතුරු මැද ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ, ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ යන මහත්වරු සමග එම පළාත්වල ප්‍රධාන ලේකම්වරු, සංචාරක අමාත්‍යංශ නිළධාරින් එක්ව සිටියහ.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙලේ සදහන් වන්නේ 2030 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 6 දක්වා වැඩිකරන බවයි. 2030 වන
    විට සංචාරක කර්මාන්තයෙන් ලබන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා වැඩි කිරීමට ද එමගින් යෝජනා වී තිබේ. එහෙත් පසුගිය දා ජනාධිපතිවරයා හා සංචාරක අමාත්‍යාංශ බලධාරින් අතර පැවති සාකච්ඡාවේ දී මෙම ඉලක්කය 2025 වන විට සපුරාලිය යුතු බව පවසා තිබිණි. මෙම ඉලක්කය සපුරා ගැනීම සදහා සංචාරක සංවර්ධන ජාතික සැලැස්ම කෙටුම්පත් කිරිම මේ අනුව ආරම්භ කෙරුණු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

    පළාත් සභා මට්ටමින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා වන යෝජනා සති 02 ක් තුළ ඉදිරිපත් කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සියලු ආණ්ඩුවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ ඒ පළාත් සභා යටතේ පවතින ප්‍රධාන
    සංචාරක නගර, සංචාරක ස්ථාන දියුණු කිරිම සදහා වන යෝජනා ද මේ ජාතික සැලැස්මට ඇතුලත් කළ යුතු බව රණතුංග මහතා කීවේය. සංචාරක ව්‍යාපාරය සංවර්ධනය පිළිබදව ජාතික සැලැස්මක් කෙටුම්පත් කිරීමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සංචාර ව්‍යාපාරයේ ප්‍රමුඛතම රටක් ලෙස ඉහලට ඔසවා තැබීම බවද රණතුංග මහතා පෙන්වා දුන්නේය.


    සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය වන ස්වාභාවික සෞන්දර්යට අමතරව සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගත් නව ක්ෂේත්‍ර මෙම ජාතික සැලැස්මට එකතු කළ යුතු බව පෙන්වා දුන් ඇමතිවරයා මේ යටතේ විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන, ජල ක්‍රීඩා තටාංගන, ඩොල්ෆින් නැරඹුම් ස්ථාන, කේබල් කාර් වැනි සංචාරකයින් ආකර්ශනය කරගනු ලබන ස්ථාන නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ද කීවේය.


    කොළඹ සහ හම්බන්තොට කේන්ද්‍ර කරගෙන ව්‍යාපාරික ප්‍රදර්ශන, සමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම සදහා සංචාරකයන් ආකර්ශනය කර ගැනීමටත් අපේක්ෂා කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේය. එමෙන්ම කොළඹ හා
    හම්බන්තොට ගුවන් තොටුපළ වල ආගමන විගමන ක්‍රියාවලිය කාර්යක්ෂම කර අභ්‍යන්තර ගුවන් සේවාවන් ද දියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

    අන්තර්ජාලය හරහා හෝටල් වෙන් කිරිම, ප්‍රවාහන පහසුකම් හා මාර්ගෝපදේශකයන් වෙන් කර ගැනීම, අභ්‍යන්තර ගුවන් ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි වන පරිදි නව තාක්ෂණය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා යෙදවිමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා කීවේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya