මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 ආරම්භ කෙරේ

    ජනවාරි 28, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 20) ජනවාරි 27) ආරම්භ කෙරුණු අතර, එය 2020 ජනවාරි 31 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

    2019 වර්ෂයේ සිදු කල සාර්ථක නාවික අභ්‍යාසයෙන් පසුව දෙවන වරට සංවිධානය කරනු ලබන මෙම කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 හි සමාරම්භක උත්සවය අද ශ්‍රී ලංකා නාවික‍ නෞකා සිදුරළ නෞකාවේදි නාවික හමුදා අධ්‍යක්‍ෂ ජනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නන්දන ජයරත්න ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාව සඳහා කපිතාන් මුහුදු පුහුණු නිලධාරි, කපිතාන් ඉසිර කාසිවත්ත සහ නාවික අභ්‍යාසය සඳහා සහභාගිවන සියළුම නෞකාවන්හි අණදෙන නිලධාරින් ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුයුක්ත නිලධාරින් පිරිසක්ද ‍සහභාගිවි සිටියහ. 


    තවද, ශ්‍රීලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් මෙන්ම ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවන්ද සහභාගී වනු ලබන මෙම නාවික අභ්‍යාසයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ශ්‍රීලංකා නාවික හමුදාව සහ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් නිලධාරින් අතර සාකාච්ජාවක් ද මෙහිදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

    මෙම නාවික අභ්‍යාසය ජැටියට යාබදව තිබියදී සහ මුහුදේදී වශයෙන් අධියර දෙකක් (02) යටතේ පැවැත්විමට නියමිත අතර, එහිදී මුහුදේදී නෞකා අතර භාණ්ඩ හුවමාරුව, නෞකා දෙකක් ඇදගෙන යාම, නෞකාවන් මතට හෙලිකොප්ටර් යානාවන් ගොඩබැස්සවීම යනාදී නාවික අභ්‍යාසයන් රැසක් පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya