අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීමේ හැකියාව සොයා බැලේ

    ජනවාරි 27, 2020

    යුද තත්ත්ව හේතුවෙන් වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරිමේ හැකියාව සම්බන්ධයෙන් අමාත‍්‍ය විමල් විරවංශ මහතා හා යාපනේ ආරක්ෂ අංශ සමඟ මූලික වටයේ සාකච්ඡාවක් පැවැති වූ බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ.රංජිත් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    කෙසේ වුවද,මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු ප්‍රධාන වශයෙන් කාරණ දෙකක් හඳුනාගෙන තිබෙන බව ඒ පාරිසරික හා ඉඩම් ගැටළුව බව ලේකම්වරයා පැවසීය. ඒ අනුව, මේ වන විට විකල්ප ඉඩම් අක්කර 300ක් පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ශක්‍යතා වාර්තාව සකස් කරමින් පවතින බවද කීය.

    මිට අමතරව වසා දමා ඇති වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සහ ඔඩ්ඩුසුඩාන් පිහිටි පිඟන් සංස්ථාවට අයත්, භුමියේ උළු හා ගඩොල් කර්මාන්තය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya