අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුන්කලහේන,නෝනාවත්ත ඇල මාර්ගය හරහා ඉදි කළ නව පාලම ජනතා අයිතියට

    ජනවාරි 26, 2020

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පාලම් ව්‍යාපෘතිය යටතේ දුන්කලහේන ප්‍රධාන මාර්ගයේ නෝනාවත්ත ඇල මාර්ගය හරහා මිලියන 29ක ප්‍රතිපාදන යටතේ ඉදි කළ නව පාලම විවෘත කිරීමේ අවස්ථාව උසස් අධ්‍යාපන,තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ සිදු කෙරිණි.

    මේ අවස්ථාවට රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය දුන්කලහේනේ රතනරංසි හිමියන් ප්‍රධාන, හිටපු කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල, හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියල් අද්මිරාල් සරත් වීරසේකර, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන අයි.ඩී.සිසිර කුමාර, ආනන්ද රූපසිංහ මහතා ඇතුළු ප්‍රදේශවාසීහූ රැසක් එක්වූහ.

     

    ඡායාරූප- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව- ඡායාරූප අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya