අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක්

    ජනවාරි 26, 2020

    ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් චීනය වෙසෙන ශී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව කාර්මිත අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ශ්‍රි ලංකන් ගුවන් සමාගම විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව එය ක්‍රියාත්මක කරයි.

    දැනටමත් වැඩි මගීන් සංඛ්‍යාවක් ගෙන යා හැකි ගුවන් යානා කීපයක් මේ සදහා යොදවා ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.
    කොරොනා වෛරසය ආරම්භ වුවේ යැයි සැලකෙන චීනයේ වූහාං ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂයාවන් 30 දෙනෙකු පමණ වෙසෙන බවට තොරතුරු ලැබී තිබේ. ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද විදේශ කටයුතු අමාත්‍යංශය චීන බළධාරින් සමග සාකච්ඡා කරමින් සිටි. අදාල අවසරය ලැබුණු පසු ඒ සදහා විශේෂ ගුවන් යානායක් යෙදවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරන බව ඇමතිවරයා සදහන් කළේය.

    කටුනායක ගුවන් තොටුපලේ කොරෝනා පරීක්සා කිරීමේ කටයුතු පුළුල් කිරීමට ද පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංහය සම එක්ව මේ සදහා යොදවා ඇති කාර්යය මණ්ඩලය වැඩි කිරිමටද කටයුතු කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මේ වන විට කටුනායක ගුවන් තොටුපලේ කොරෝනා රෝගින් හදුනා ගැනීම සදහා තර්මෝ ස්කෑන් යන්ත්‍ර 04ක් ස්ථාපනය කර ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති උපදෙස් අනුව සියලු ආරාක්ෂක විධි විධාන කෙරෙහි සැලකිලිමත් වෙමින් කටුනායක ගුවන් තොටුපල සහ ශ්‍රි ලංකන් ගුවන් සමාගම මේ සදහා කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා අවධාරනය කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya