මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''කොරෝනා'' වෛරසය ගැන සෞඛ්‍ය අංශ විමසිල්ලෙන්

    ජනවාරි 25, 2020

    මේ දිනවල චිනයේ පැතිර යන කොරෝනා වෛරසය ලංකාවේ පැතිර යෑමේ තත්ත්වයක් මෙතෙක් වාර්තා නොවුවද ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විධිවිධාන අනුගමනය කර ඇති බවත්,ඒ සම්බන්ධයෙන් අවධානය සියලු සංචාරකයින්ට යොමු කිරීමට කටයුතු කර ඇති බවත් වසංගත රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසිය.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ,ගුවන්තොටුපළට පැමිණෙන සියලු ම මඟීන් සඳහා ගුවන් යානයේ දී ම මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරිමට කටයුතු කරන බවයි.

    මෙරටට සංචාරය වැඩියෙන්ම පැමිණෙන්නේ චීන ජාතිකයින් වන හෙයින් මෙහි අවධානමත් පවතින බව වසංගත රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

    මේ වන තෙක් මෙම රෝගට වැළඳු කිසිදු රෝගීයෙන් වාර්තා නොවු අතර කිසියම් රෝගී ලක්ෂණයක් වෙතොත් ගුවන් තොටුපළේ වෛද්‍ය අංශය වෙත යොමු වන ලෙස සියලු ම මඟින්ට උපදෙස් දි ඇතැයි වසංගත රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කිය.

    මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙසින් කැස්ස,හෙම්පිරිස්සාව,උණ හා හුස්ම ගැනිමේ අපහසුතාවයන් මූලික ලක්ෂණ වන අතර නිව්මෝනියා තත්ත්වය පත්විම තුළින් රෝගියා මිය යන බව වෛද්‍යවරු සඳහන් කරති. කොරෝනා වෛරස් මුලින්ම හඳුනාගනු ලැබුවේ 1960 දශකයේදීය,

    මෙම රෝගය චීනයේ වූහන් නගරයට දැඩි ලෙසින් බලපා ඇති අතර මේ වන වටි එහි ගුවන් ගමන් තවතා දැමිමට එරට බලධාරින් තීර‍ණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya