මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලියට අවුරුදු 50 පිරෙන දා “පුනර්ජන්ම මහවැලි” වැඩසටහන ඔස්සේ මහවැලියට පුනර්ජන්මයක්

    ජනවාරි 25, 2020

    ''පුනර්ජන්ම'' මහවැලි වැඩසටහන හරහා කොත්මලේ ජලාශ වේල්ල මීටර් තිහකින් උස්කොට ජල ධාරිතාවය වැඩි කිරීමටත්, කැළණි ගංගාවේ ජලය මහවැලි ගංගාවට එකතු කිරීමටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් ජලාශයන් ඉදිකිරිමත් ඒ අතර වන බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා බකමූණ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නේවාසික කාර්යයාලයේ දී පැවති මහවැලි මොරගහකන්ද කලාපයේ පළාත් දින සැමරුමට එක් වෙමින් කියා සිටියේය.

    එළඹෙන පෙබරවාරි 28 වන දිනට යෙදෙන මහවැලි ජන්ම දිනයේ දී “පුනර්ජන්ම මහවැලි” වැඩසටහන් යටතේ මහවැලියට අලුත් ජන්මයක් ලබා දීම සඳහා වැඩකටයුතු රැසක් සළසා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම මත මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිළධාරීන් එක් වූ අතර ජනපදිකයින්ට ඇති මහවැලිය සම්බන්ධ ගැටළු සාකච්ඡා කොට ඊට විසඳුම් ලබා දීම ද රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya