අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් - මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සාමාජිකයින් අගමැති හමුවෙයි

    ජනවාරි 23, 2020

    දිවයින පුරා ප්‍රාදේශීයව විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමටත් එමෙන්ම එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවනු ලබන දීමනා නිසි පරිදි හිමිවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස් කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ( 22 ) පැවසීය.

    අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේදී මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සාමාජිකයින් හමුවූ අවස්ථාවේදීය.
    පාර්ලිමේන්තු කටයුතු දැක බලා ගැනීම සඳහා එහි පැමිණි එම මාධ්‍යවේදීන් කණ්ඩායමට අගමැතිතුමන් හමුවී කෙටි සාකච්ඡාවක යෙදීමටද අවස්ථාව සැලසිණි.

    එහිදී ප්‍රාදේශීයව විසිරී සිටින මාධ්‍යවේදීන්ට මුහුණ දීමට ඇති අපහසු තත්ත්වයන් සහ අභියෝග පිළිබඳව අගමැතිතුමාව දැනුවත් කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසිණි. මෙම අවස්ථාවේදී කරුණු දැක්වූ මාධ්‍යවෙිදී ජාතික එකමුතුවේ ජාතික සංවිධායක සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා එම ගැටළුව පිළිබඳ අගමැතිතුමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.

    මේ වන විටත් පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න ගමගේ මහතා රිය අනතුරකට ලක්ව එක්තැන්ව සිටින බවත් ඔහුට කිසිට පිළිසරණක් නොමැති බවත් මේ ආකාරයට ප්‍රාදේශීයව කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවකට පත්වන අවස්ථා ඇති බවත් ආරියදාස මහතා පෙන්වා දුන්නේය.

    වෘත්තීය වශයෙන් කටයුතුකරන මාධ්‍යවේදීන් හට ගෙවීම් සිදු කිරීමද මාධ්‍ය ආයතන වෙතින් නිසි නියාමනයකට අනුව සිදු නොවන බැවින් නිසි ලෙස මුදල් ගෙවීම් ලබාගත නොහැකිව ඔවුන්ට වෘත්තීය වගකීම් ඉදිරියට ගෙන යාම අපහසු වී ඇති බවත් මාධ්‍යවේදීන් පෙන්වා දුන්හ.

    මාධ්‍යවේදීන් දැක්වූ අදහස් සම්බන්ධව මැදිහත් වීමක් සිදුකරන බව පැවසූ අගමැතිතුමා ප්‍රාදේශීයව කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දීම කෙරෙහි අවදානය යොමුකරන බවද සඳහන් කළේය. එමෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවන අවස්ථාවේදී ඔවුන් දැනුවත් කර ප්‍රාදේශීයව කටයුතු කරන මාධ්‍යවේදීන්ට නිසි වේලාවට ගෙවීම හිමිවන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවද අගමැතිතුමා කීවේය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාද එක්ව සිටි අතර මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සභාපති ගැමුණු ධර්ම ශ්‍රී හේරත්, එහි ලේකම් මහේෂ් කීර්තිරත්න ඇතුළු මාධ්‍යවේදීන් 20කට වැඩි පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya