අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම ගැන සොයන්න සති දෙකක් ඇතුළත කමිටුවක්- වාර්තාවක් ලබාදෙන්නැයි ඇමැති උපදෙස්

    ජනවාරි 23, 2020

    ලංකා ගමනාගමන මණ්ඩලයේ විෂමාචර සහ එහි කටයුතු සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සඳහා සති දෙකක් ඇතුළත කමිටුවක් පත් කර එහි වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ප්‍රවාහන ඇමති මහින්ද අමරවිර මහතා ඊයේ (22) දිනයේ දි පුවාහන අමාත්‍යාංශයට නියෝග කර ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඒ අනුව මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රවාහණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ( සැලසුම්) තිලකරත්න බණ්ඩා මහතාත්, සෙසු සාමාජිකයින් වශයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයෝමි ජයවර්ධන මිය, නීති නිලධාරිනී ප්‍රියන්ති ගුණසේකර මිය හා අභ්‍යන්තර විගණන නිලධාරි වී. කේ. එච්. කෝලිත මහතා යන අය පත් කිරීමට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පියවර ගෙන තිබේ.

    මෙම කමිටුව විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා ඒ යටතේ ඇති ඩිපෝවල කටයුතු සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මෙන්ම මහජන පැමිණිලි විමර්ශනය කර සති දෙකක් තුළ අදාළ වාර්තාව ලබා දිය යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya