මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට සරසවිවලට බඳවා ගන්නා විදේශීය සිසුන් ගණන වැඩි කීරීමට යයි

    ජනවාරි 23, 2020

    රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හි මූලික උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විදේශීය සිසුන් සඳහා වන 4.5% ප්‍රතිශතය තුළ ගාස්තු අයකර විදේශීය සිසුන් බඳවා ගැනීම පුළුල් කිරීමටත්, ලොව පිළිගත් විශ්ව විද්‍යාල වල ශාඛා මෙරට ආරම්භ කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම සඳහා උසස් අධ්‍යාපන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා නවෝත්පාදන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

    මෙයට අමතර ව විදේශයන් හි රැකියාවන් වල නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් විදේශීය මුදලින් පාඨමාලා ගාස්තු ගෙවීමේ පදනම මත බඳවා ගත යුතු බව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇති යෝජනාවේ දැක්වේ.
    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල අපේක්ෂිත මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 4.5% ප්‍රතිශතයක් විදේශීය සිසුන් බඳවා ගැනීමට ප්‍රතිපාදන තිබෙන නමුත් දැනට බඳවා ගෙන ඇත්තේ විදේශ සිසුන් සුළු සංඛ්‍යාවක් බවත් එය තව තවත් පුළුල් කළ යුතු බවත් අගමැතිවරයාගේ යෝජනාවේ දැක් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya