අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් - සියලුම පුරන් කුඹුරු අස්වැද්දීමට පියවර

    ජනවාරි 23, 2020

    රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ඉඩම විශාල කුලියක් ගෙවමින් පවත්වාගෙන යාම වංචාවක් සහ අත්තනෝමතික ක්‍රියාවක් බව කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමිය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව පැහැදිලි කළ අමාත්‍යවරයා මෙවැනි ගිවිසුම් ඉදිරිපත් කිරිමෙන් ගොවි ජනතාවට කිසිදු සහනයක් නොවූ බවත් සඳහන් කර සිටියේය. අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ඉඩම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     කෘෂිකර්මාන්තය වෙනුවෙන් මේ දක්වා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් වී නොමැති බව පැවසූ අමාත්‍යවරයා එසේ සකස් වුවහොත් අනාගතයේදී වී නිෂ්පාදනය සම්බන්ධයෙන් ගැටළු ඇති නොවන බවද සඳහන් කළේය. තවද මෙම වසරේ සංවර්ධන ව්‍යාපෘති යටතේ වළවේ ගඟ හරස් කර නව වේල්ලක් ඉදිකර ජලය ලබා ගැනීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කටයුතු කරන බවද පැවසූ අමාත්‍යවරයා තෙත් කළාපීය ප්‍රදේශ වල කුඹුරු පුරන් වීම බරපතල ගැටළුවක් බවත් සියලු පුරන් කුඹුරු මෙම වසරේ නැවත අස්වැද්දීමට බලාපොරොත්තු වන බවත් පැවසිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya