පෙබරවාරි 21, 2020
tami eng youtube  twitter facebook

    ව්‍යාපෘතින් රැසක් මහවැලි කලාප තුළ සිදු කිරීමට මේ වනවිට සියලු සැළසුම් අවසන්

    ජනවාරි 21, 2020

    “වැඩ කරන රටක්” නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ විවිධ ව්‍යාපෘතින් රැසක් මහවැලි කලාප තුළ සිදු කිරීමට මේ වනවිට සියලු සැළසුම් අවසන් කොට ඇති බැවින් ඒ වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන් විසින් මේ වන විට
    ක්ෂේත්‍ර නිරීක්ෂණයන් සියළු මහවැලි කලාපයන් තුළ සිදු කරමින් සිටී.

    ඒ අනුව, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි “ඩී” කලාපයේ ක්ෂේත්‍ර නිරීක්ෂණය (21) සිදු කෙරිණි.
    ප්‍රථමයෙන්ම මැදිරිගිරිය බිසෝපුර D 8 වැව අභියස දී පැළ රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් “හරිත උයන” ආරම්භ කිරීම ද එහි දී සිදු විය. එයට අමතරව දහම් වැව ගොවීන් සදහා කජු පැළ සහ බීජ කට්ටල බෙදාදීමත් මෙහි දී සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතා ඇතුළු නිළධාරිහු රැසක් එක් වූහ. එමෙන්ම, මහවැලි කලාප දහය තුළ හරිත උයන් 17 ක් සහ වන උයන් 58 ක් ලෙස සියළු වන උද්‍යාන 75 ක් ආරම්භ කිරීමට ද සැළසුම් සකස් කොට ඇත

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya