මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිළධාරීන් පිළිබඳව විශ්වාසයක් රජයට තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

    ජනවාරි 21, 2020

    වත්මන් රජයට රජයේ නිළධාරීන්ගේ සහාය නිරතුරුව විශාල ලෙස ලැබෙන බවත්, ඒ නිසා රජයට රජයේ නිළධාරීන් පිළිබඳව විශ්වාසයක් තිබෙන බවත් තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (21) තොරතුරු තාක්ෂණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    බහු කාර්යය සාධනය සඳහා කාර්යය සාධන බළකාය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපනය කර ඇති බවත්, නොබෝ දිනකින් එකී දෙපාර්තමේන්තුවට අධ්‍යක්‍ෂක ජනරාල් වරයෙකු පත් වන බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා ඉන් අනතුරුව විශේෂ කමිටුවක් මඟින් රැකියා ලාභීන් තෝරා ගැනීම සඳහා වූ මූලික සුදුසුකම් සහතික වී ඇති ද යන්න සොයා බැලීම සිදු කරන බව ද, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය අවශ්‍ය බව ද මෙහි දී කියා සිටියේය.


    රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය නංවාලීම උදෙසා සිදු කරන මෙම කර්තව්‍ය සඳහා කිසිඳු දේශපාලන බලපෑමකින් තොර ව අඩු අදායම්ලාභී පවුල් වල අඩු අධ්‍යාපන මට්ටමක් සහිත රැකියා විරහිත පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා ලබා දීම මෙතෙක් කිසිඳු අවස්ථාවක ක්‍රියාත්මක නොවුණු කාර්යයක් බව ද රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහි දී අවධාරණය කර සිටියේය.


    එමෙන්ම, රජයේ නිළධාරියා පිලිබඳ විශ්වාසයක් තිබෙන හෙයින් මේ සඳහා නිර්දේශ ලබා දීම සඳහා රජයේ නිළධාරීන්ට විශේෂ අවසථාවක් ලබා දී ඇති බවත්, එම රාජ්‍ය නිළධාරීන්ගේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමා හෝ ප්‍රාදේශීය ලේකම්තුමියට එකී අයදුම්පත එවිය හැකි බවත්, එහි දී නැවත කමිටුවක් මඟින් රජය විසින් නියම කර ඇති සුදුසුකම් සපුරා ඇති ද යන්න ඔවුන් සහතික කිරීමෙන් අනතුරුව රැකියා සඳහා බඳවා ගැනීමට යොමු කරවන බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya